Casino-Fans, die Spielvielfalt und Aktionen vergleichen, können sich Crown play. Crownplay vor der Wahl ansehen.
Players comparing casino platforms can look at Crown play. Crownplay for slots, live games and regular promotional offers.
Nationalcasino is worth checking if you like mixing slots, live tables and casino promotions in one place. The mix works well for anyone who prefers changing games instead of repeating the same titles.
Si vous aimez découvrir de nouvelles machines à sous et suivre les promotions, Spinania est un nom à garder en tête. C'est utile pour ceux qui regardent à la fois le catalogue et les offres disponibles.
Casino ohne LUGAS kann Spielern gefallen, die gern zwischen Slots, Tischspielen und Live-Dealer-Runden wechseln. Die Auswahl macht den Wechsel zwischen Slots und Live-Tischen einfacher.
Online Casinos ohne deutsche Lizenz eignet sich für Spieler, die mehrere Spielarten statt nur einer Kategorie möchten. Die Mischung passt zu Spielern, die lieber wechseln, statt immer dieselben Titel zu spielen.
Wenn du gern neue Slots ausprobierst und Casino-Aktionen vergleichst, ist Casino ohne LUGAS ein Name, den du dir merken kannst. Das ist praktisch für Spieler, die sowohl die Spieleauswahl als auch aktuelle Angebote prüfen.
For anyone interested in free spins, casino bonuses and a broad game lobby, betmica is another option to explore.
Si vous aimez découvrir de nouvelles machines à sous et suivre les promotions, lucky8 casino est un nom à garder en tête. Cela permet aussi de comparer les promotions sans se limiter à une seule catégorie.
spinfin mérite un coup d'œil si vous aimez combiner machines à sous, tables en direct et promotions de casino. Ce mélange convient à ceux qui préfèrent changer de jeu plutôt que répéter les mêmes titres.
savaspin est une autre plateforme pour ceux qui recherchent slots, jeux live et offres régulières. Ce mélange convient à ceux qui préfèrent changer de jeu plutôt que répéter les mêmes titres.
Casino-Fans, die Spielvielfalt und Aktionen vergleichen, können sich Nvcasino vor der Wahl ansehen.
Si vous aimez découvrir de nouvelles machines à sous et suivre les promotions, Lucky8 est un nom à garder en tête. La variété facilite le passage des slots aux tables en direct.
Stake Casino est une autre plateforme pour ceux qui recherchent slots, jeux live et offres régulières. C'est utile pour ceux qui regardent à la fois le catalogue et les offres disponibles.
Wenn dir Vielfalt wichtig ist, gehört Casino ohne OASIS zu den Casino-Namen, die einen Vergleich wert sind.
Wanneer de vaste slots wat saai worden, biedt Kokobet Casino een andere casino-optie om te bekijken.
Those who like bonus offers and a varied casino lobby can add mrbaron casino to their comparison list. The variety makes it easier to switch between casual slots and live-table sessions.
If you like discovering new slots and checking casino promotions, zizobet is a name worth keeping in mind. The mix works well for anyone who prefers changing games instead of repeating the same titles.
lalabet casino is het bekijken waard als je slots, live tafels en casino-acties graag combineert. Dat is handig voor spelers die zowel het spelaanbod als actuele acties bekijken.
winbeast kan interessant zijn voor spelers die graag wisselen tussen slots, tafelspellen en live dealer-games. Die mix past bij spelers die liever wisselen dan steeds dezelfde titels spelen.
Voor liefhebbers van free spins, bonussen en een brede spelkeuze is Lolajack een extra optie om te ontdekken.
Als je graag nieuwe slots ontdekt en casino-aanbiedingen vergelijkt, is Hadesbet een naam om in gedachten te houden. Dat is handig voor spelers die zowel het spelaanbod als actuele acties bekijken.
Winbet is het bekijken waard als je slots, live tafels en casino-acties graag combineert. De variatie maakt het makkelijker om tussen slots en live tafels te wisselen.
Si vous aimez découvrir de nouvelles machines à sous et suivre les promotions, spinformula est un nom à garder en tête. La variété facilite le passage des slots aux tables en direct.
Unique Casino peut intéresser les joueurs qui veulent plusieurs types de jeux plutôt qu'une seule catégorie. C'est utile pour ceux qui regardent à la fois le catalogue et les offres disponibles.
Les amateurs de casino qui comparent variété et promotions peuvent regarder Lucky31 avant de choisir.
If variety matters when choosing a casino, chanze is one of the names worth comparing.
legionbet casino is a useful choice for players who want several game types instead of sticking to one category. The variety makes it easier to switch between casual slots and live-table sessions.
casino Malina może odpowiadać osobom, które lubią przełączać się między automatami, grami stołowymi i live casino. Dzięki temu można porównywać promocje bez skupiania się na jednej kategorii.
Players comparing casino platforms can look at spinmillion casino for slots, live games and regular promotional offers.
රථ වාහන සඳහා වූ දඩ ගාස්තු ඉහළට - නවතම දඩ ගාස්තු මෙන්න - Siyatha 24Siyatha 24
News Line| Off Air
Generic placeholder image

Latest Posts
Apr
2

රථ වාහන සඳහා වූ දඩ ගාස්තු ඉහළට – නවතම දඩ ගාස්තු මෙන්න

8420 Views


රථ වාහන සඳහා වූ දඩ ගාස්තු ඉහළට –  නවතම දඩ ගාස්තු මෙන්න

රථ වාහන වැරදි හතක අවම දඩය රුපියල් විසිපන්දහස කිරීමේ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. මෙහි අරමුණ වී තිබෙන්නේ රිය අනතුරු වලින් සිදුවන ජීවිත හානිය අවම කර ගැනීමයි.

ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.

රථ වාහන වැරදි හතක අවම දඩය රුපියල් විසිපන්දහස කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කෙරේ…

රිය අනතුරුවලින් සිදුවන ජීවිත හානි අවම කර ගැනීමට ගත් පියවරක්…

රථ වාහන වැරදි හතක අවම දඩය රුපියල් විසිපන්දහස දක්වා වැඩි කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කළ එ ගැසට් නිවේදනය ප්‍රකාරව නව රථවාහන වැරදි සඳහා පනවන සංශෝධිත දඩ ගාස්තු ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීතියක් බවට පත් කිරීමට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය අපේක්ෂා කරයි ඒ මෝටර් රථ ප්‍රවාහන පණත සංශෝධනය කිරීමෙනි.

වත්මන මාරක රිය අනතුරුවලට බොහෝ විට බලපා ඇත්තේ මාර්ග නීති උල්ලංඝණය සහ රියදුරාගේ නොසැලකිලිමත්  බවයි. මේ හේතුවෙන් මාර්ග අනතුරු සඳහා බහුලව බලපාන මාර්ග නීති උල්ලංඝනය කිරීමේ සහ රථ වාහන වැරදි සඳහා වූ පනවන අවම දඩ මුදල රුපියල් 2500 දක්වා වැඩි කළ යුතු බවට යෝජනා වූයේ 2017 අයවැය යෝජනාවේ 486වැන්නෙනි. ඒ සම්බන්ධයෙන් 2016. 11.21වැනි දින මුදල් අමාත්‍යාංශය, ප්‍රවාහන සහ  සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය, බස්රථ සහ ත්‍රීරෝද සංගම් නියෝජිතයින් එක්ව මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වූ සාකච්ඡාවකින් පසුව මාර්ග අනතුරු සඳහා විශාල වශයෙන් හේතු වන වැරදි හතක් හඳුනා ගැනිණ. එම රථ වාහන වැරදි හත සඳහා පනවන දඩ මුදල විසිපන්දහස දක්වා වැඩිකිරීමටද එම සාකච්ඡාවේදී තීරණය විය. කෙසේනමුත් එම දඩමුදල් වැඩි කිරීමට විරෝධය දක්වා බස්රථ සංගම් සහ ත්‍රීරෝද රථ සංගම් වැඩවර්ජනයකට යොමු වීම හේතුවෙන් නැවත වරක් එම යෝජනාව විමසා බලා වාර්තාවක් සැපයීමට අතිගරු ජනාධිපතිතුමා විසින් කමිටුවක් පත් කළේය.

දඩ මුදල් විමසා බැලීමට අතිගරු ජනාධිපතිතුමා පත් කළ කමිටුවේ සාමාජිකයෝ 5 දෙනෙකි. ඒ මුදල් අමාත්‍යාංශයේ ලේකම්, ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම්, නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසටර් ජනරාල්වරයකු, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් සහ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති – රථවාහන යන නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන ලදි. එම කමිටුව සිදුකළ පුළුල් විමර්ශනයකින් පසුව මාර්ග අනතුරු සඳහා බලපාන වැරදි හතක් ප්‍රධාන වශයෙන් හඳුනා ගත් අතර එම වැරදි සඳහා අයකරන දඩ  මුදල රුපියල් 25000 දක්වා වැඩි කිරීමටද කමිටුව නිර්දේශ කළේය. එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මොටර් වාහන පණතේ 123, 141, 148, 152, 196, 216, 217, 218, 224 යන වගන්ති සහ ප්‍රධාන ප්‍රඥ්පතියේ දෙවැනි උප ලේඛනය සංශෝධනය කිරීමේ යෝජිත පණත් කෙටුම්පතට ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරි පත් කිරීම සඳහාත් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි පසුගියදා හිමිවිය. රථ වාහන වැරදි සඳහා පනවන අවම දඩය රුපියල් 25000 දක්වා වැඩි කිරීමේ කැසට් පත්‍රය ඊයේ නිකුත් කළේ ඒ අනුව වේ. එහිදී අවම දඩය රුපියල් 25000 දක්වා වැඩි කරන රථ වාහන වැරදි හය වන්නේ වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය, රියදුරු බලපත්‍රයක් නොමැති තැනැන්තන් සේවා නියුක්ත කිරීම, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතයෙන් අනතුරුව රිය ධාවනය, දුම්රිය මාර්ගයක් තුළට අපරීක්ෂාකාරීව මෝටර් වාහනයක් ඇතුළත් කිරීම, වලංගු අක්ෂණ ආවරණයක් නොමැතිව රිය ධාවනය, අධික වේගයෙන් රිය ධාවනය වේ.  වමෙන් ඉස්සරහ කිරීමේ දඩයද වැඩි කර ඇත. එම දඩ වැඩිවන ආකාරය දැක්වෙන වගුව පහත පරිදි වේ.

  වරද දැනට පවතින දඩ මුදල වැඩිවන දඩ මුදල
01 රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය පළමු අවස්ථාව  –

රුපියල් 3 000 සිට 6 000 දක්වා

රුපියල් 25 000 සිට 30 000 දක්වා
දෙවැනි අවස්ථාව –

රුපියල් 6 000 සිට 10 000 දක්වා

රුපියල් 30 000 සිට 50 000 දක්වා
02 රියදුරු බලපත්‍රයක් නොමැති තැනැත්තන් සේවා නියුක්ත කිරීම පළමු අවස්ථාව  –

රුපියල් 4 000 සිට 8 000 දක්වා

රුපියල් 25 000 සිට 30 000 දක්වා
දෙවැනි අවස්ථාව –

රුපියල් 8 000 සිට 12 000 දක්වා

රුපියල් 30 000 සිට 50 000 දක්වා
03

 

 

 

 

 

1) මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතයෙන් අනතුරුව රිය ධාවනය රුපියල් 3 500 සිට 7 500 දක්වා දඩය සහ / හෝ මාස තුනකට වැඩි බන්ධනාගාරගත කිරීමක් සහ රියදුරු බලපත්‍රය මාස 12කට නොවැඩි කාලයක් අත්  හිටුවීම රුපියල් 25 000 සිට 30 000 දක්වා සහ / හෝ මාස තුනකට නොවැඩි බන්ධනාගාරගත කිරීමක් සහ රියදුරු බලපත්‍රය මාස 12කට නොවැඩි කාලයක් අත් හිටුවීම
02) මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතයෙන් අනතුරුව ගාස්තුවක් සඳහා තැනැත්තන් ගෙන යාම රුපියල් 4 000 සිට 7 500 දක්වා දඩය සහ මාස හයකට නොවැඩි බන්ධනාගාරගත කිරීමක් සහ රියදුරු බලපත්‍රය අවලංගු කිරීම රුපියල් 25 000 සිට 30 000 දක්වා සහ මාස හයකට නොවැඩි බන්ධනාගාරගත කිරීමක් සහ රියදුරු බලපත්‍රය අවලංගු කිරීම
03) මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් අනතුරුව රිය පදවා යම් තැනැත්තෙකුට මරණය හෝ තුවාල සිදු කිරීම මරණය සිදු කරතහොත් අවුරුදු 2 සිට අවුරුදු 10 දක්වා   බන්ධනාගාරගත කිරීම සහ රියදුරු බලපත්‍රය අවලංගු කිරීම

 

තුවාල සිදු කරතහොත් රුපියල් 6000 සිට 15 000 දක්වා දඩයකට සහ / හෝ අවුරුදු පහට නොවැඩි බන්ධනාගාර ගත කිරීම සහ රියදුරු බලපත්‍රය අවලංගු කිරීම

මරණය සිදු කරතහොත්

රුපියල් 1 00 000 සිට 1 50 000 දක්වා දඩයකට සහ / හෝ අවුරුදු 2 සිට අවුරුදු 10 දක්වා බන්ධනාගාරගත කිරීම සහ රියදුරු බලපත්‍රය අවලංගු කිරීම

බලපතල තුවාල සිදු කර‍තහොත් රුපියල් 50 000 සිට 1 00 000 දක්වා දඩයකට සහ / හෝ අවුරුදු පහට නොවැඩි බන්ධනාගාර ගත කිරීම සහ රියදුරු බලපත්‍රය අවලංගු කිරීම

සුළු තුවාල සිදු කර‍තහොත් රුපියල් 30 000 සිට 50 000 දක්වා දඩයකට සහ / හෝ අවුරුදු එකට නොවැඩි බන්ධනාගාර ගත කිරීම සහ රියදුරු බලපත්‍රය අවලංගු කිරීම

04 දුම්රිය මාර්ගය තුළට අපරීක්ෂාකාරී ආකාරයෙන් මෝටර් වාහන ධානය නැත පළමු අවවස්ථාව

රුපියල් 25 000 සිට 30 000 දක්වා දඩය

දෙවැනි අවස්ථාව

රුපියල් 30 000 සිට 40 000 දක්වා දඩය සහ මාස හය දක්වා රියදුරු බලපත්‍රය අත්හිටුවීම

 

තුන්වැනි අවස්ථාව

රුපියල් 40 000 සිට 50 000 දක්වා දඩය සහ මාස 12ක් දක්වා රියදුරු බලපත්‍රය අත්හිටුවීම

05 වලංගු රක්ෂණ ආවරණයක් නොමැතිව රිය ධාවනය රුපියල්  5000 සිට 25 000 දක්වා දඩය සහ / හෝ මාස එකට නොවැඩි බන්ධනාගාර ගත කිරීම රුපියල් 25 000 සිට 50 000 දක්වා දඩය සහ / හෝ මාස එකට නොවැඩි බන්ධනාගාර ගත කිරීමක්
06 අධි‍ක වේගයෙන් රිය ධාවනය ‍පොදු දණ්ඩනය

1. රුපියල් 1000 සිට 2000 දක්වා

2. රුපියල් 2000 සිට 3000 දක්වා

3. රුපියල් 3500 සිට 5000 දක්වා

 

–

01) ධාවනය කළ හැකි උපරිම වේගය ඉක්මවා 20% දක්වා අධික වේගයෙන් රිය ධාවනය පොදු දණ්ඩනය පොදු දණ්ඩනය

රුපියල් 3000 සිට 50 00 දක්වා

* ස්ථානීය දඩය – 3 000

02) ධාවන කළ  හැකි උපරිම වේගය ඉක්වමා 20%ට වැඩි හා 30%ට අඩු අධික වේගයෙන් රිය ධාවනය පොදු දණ්ඩනය පොදු දණ්ඩනය

රුපියල් 5 000 සිට 10 000 දක්වා

* ස්ථානීය දඩය – 5 000

03) ධාවන කළ  හැකි උපරිම වේගය ඉක්වමා 30%ට වැඩි හා 50%ට අඩු අධික වේගයෙන් රිය ධාවනය පොදු දණ්ඩනය පොදු දණ්ඩනය

රුපියල් 10 000  සිට 15 000 දක්වා

* ස්ථානීය දඩය – 10 000

04) ධාවනය කළ හැකි උපරිම වේගයකට වඩා 50% වැඩි අධික වේගයෙන් රිය ධාවනය පොදු දණ්ඩනය පොදු දණ්ඩනය

රුපියල් 15 000 සිට 25 000 දක්වා

* ස්ථානීය දඩය – 15 000

07 වමෙන් ඉස්සරහ කිරීම

 

 

මාර්ග නීති

‍පොදු දණ්ඩනය

1. රුපියල් 1000 සිට 2000 දක්වා

2. රුපියල් 2000 සිට 3000 දක්වා

3. රුපියල් 3500 සිට 5000 දක්වා

නව පොදු දණ්ඩනය

1. රුපියල් 2500 සිට 3500 දක්වා

2. රුපියල් 3500 සිට 5000 දක්වා

3. රුපියල් 5000 සිට 25000 දක්වා

 

* ස්ථානීය දඩය – 2 000

මෙහිදී දුම්රිය මාර්ගය තුළට අපරීක්ෂාකාරී ආකාරයෙන් මෝටර් වාහන ධානය කිරීම නව දඩයකි. මීට අමතරව නියමිත වයසට අඩු වයසේ තැනැත්තන් රිය පැදවීම, අපරික්ෂාකාරීව හෝ අනතුරුදායක ආකාරයකින් හෝ අන්තරාදායක වේගයකින් මෝටර් වාහනයක් ධාවනය කිරීම, වෙනත් තැනැත්තන් කෙරෙහි නොසැලකිලිමත්ව හෝ යුක්ති සහගත සැලකිල්ලක් නොමැතිව රිය ධාවනය, ජංගම දුරකථන භාවිතය යන වැරදි සඳහාද ඉදිරියේදී දඩ මුදල් වැඩි කිරීමට අපේක්ෂා කෙරේ.


News Articles
Latest Videos
Most Popular Post