News Line| Off Air
Generic placeholder image

Apr
2

පොඩි ආතල් එකක් තමයි පේජ් එකෙන් බලාපොරොත්තු වෙන්නෙ – ෆෝන් හොරා පේජ් ඇඩ්මින්

2586 Views


පොඩි ආතල් එකක් තමයි පේජ් එකෙන් බලාපොරොත්තු වෙන්නෙ – ෆෝන් හොරා පේජ් ඇඩ්මින්

අද චැට් විත් ඇඩ්මින් අපේ කතා බහ වෙන් වුණේ ෆෝන් හොරා පේජ් ඇඩ්මින් නලින් රුවන් එක්ක.

කවුද මේ ෆෝන් හොරා කියන්නෙ ?

මගෙ නම නලින් රුවන්.

මේ විදිහෙ පේජ් එකක් පටන් ගන්න හිතුවෙ මොන වගේ හේතුවක් නිසාද ?

මෙහෙම පේජ් එකක් පටන් ගන්න නම් විශේෂ හේතුවක් තිබ්බෙ නැහැ.

කුණුහරප, ඩබල් මීනින් එන පෝස්ට් තමයි මේ පේජ් එකේ වැඩිපුරම යන්නෙ. ඒ වගේ දේවල් කරන්නෙ ප්‍රසිද්ධිය ගන්නද ?

එහෙම නම් නෑ. මම පටන් ගත්තා. ඒක දැන් ගොඩක් කට්ටිය කරනවා.

පේජ් එකට කමෙන්ට් කරන අයගෙන් ගොඩක් වෙලාවට ලැබෙන්නෙ අයහපත් ප්‍රතිචාර. ඒ ගැන මොකක්ද කියන්නෙ ?

ගොඩක් වෙලාවට බැනුම් අහන්න ආසයි. ඒ නිසා මම ඒකම කරනවා.

ෆෝන් හොරා සමාජයෙන් හැන්ගිලාද ඉන්නෙ ?

කාලයක් හිටියා එහෙම. දැන් නම් නෑ.

ගෑණු අයට අපහස කරන පෝස්ට් මේ පේජ් එකේ ඔයා දානවා. ඒ වගේ දෙයක් කරලා මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ ?

පොඩි ආතල් එකක් ගන්න තමයි.

ඒ කියන්නෙ ගෑණු අයව අපහසුතාවයට පත් කරලා ඔයා ආතල් එකක් ගන්නවා ?

එහෙම කියන්නත් බෑ. පොඩි ආතල් එකක්. ලයික් කරන අයත් ඒකට කැමතියි වගේ. ඒ නිසා ඒකම කරනවා.

ෆෝන් හොරා කියන පේජ් එක කිහිප වතාවක්ම අන්පබ්ලිෂ් වෙනවා. ඒත් ආයෙ ආයෙත් පේජ් එක හදාගෙන ෆෝන් හොරා විදිහට එන්න මොකක් හරි හේතුවක් තියෙනවද ?

පළවෙනිපාර මම හැදුවෙ පේජ් එක. ඊට පස්සෙ දැන් තියෙන්නෙ යාළුවෙක් හදලා දීපු එකක්.ප්‍රතිලාභයක් කියලා එකක් නම් නෑ. ඒක නිකන් ඉන්න ගමන් ආතල් එකට කරන එකක්.

ෆෝන් හොරා වගේ නමක් පේජ් එකට පාවිච්චි කරන්න මොකක් හරි හේතුවක් තිබ්බද ?

නෑ.. ඒක මට නිකන් හිතුණ එකක්. කොහොම හිතුණද කියලවත් මට දැන් මතක නෑ.

ෆෝන් හොරා කියන්නෙ ෆේස්බුක් වල ඒ තරම් හොඳ ප්‍රතිරූපයක් තියෙන කෙනෙක් නෙවෙයි. ඔයාට කියන්න පුළුවන්ද පේජ් එකෙන් කරපු හොඳම වැඩේ මොකක්ද කියලා ?

ඒක මට කියන්න ඕනි නෑ. කට්ටිය හිනාවෙයි නැත්නම්.

පේජ් එක නිසා අහන්න ලැබුණ නරකම දේ මොකක්ද ?

රිපෝට් කරනවා කියන එක තමයි පේජ් එකෙන් අහපු නරකම දේ.

ෆේස්බුක් එකේ ඉන්න ඇඩ්මින් කෙනෙක් විදිහට ෆේස්බුක් පාවිච්චි කරන අයට මොනවගේ දෙයක්ද කියන්න තියෙන්නෙ ?

එහෙම ලොකු දෙයක් නම් කියන්න නෑ.

Exclusive Siyatha 24


News Articles
Latest Videos
Most Popular Post