News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
3

ඉන්ධන පිරවුම්හලක් කොල්ලකයි

676 Views


ඉන්ධන පිරවුම්හලක් කොල්ලකයි

නවගමුව කොතලාවල ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක් කොල්ලකා තිබෙනවා

ඊයේ රාත්‍රියේ මුහුනු ආවරය කර ගනිමින් යතුරු පැදියකින් පැමිනි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අහසට වෙඩි තබා මුදල් කොල්ලකා පලා ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

කොල්ලකරුවන් විසින් ඉන්ධන පිරවුම්හලේ තිබු ලක්ෂ 03 ක මුදලක් කොල්ලකා පලා ගොස් තිබෙනවා.

ඔවුන් සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොළීසිය සදහන් කලේ
මේ අතර තීනියාවල ප්‍රදේශයේ කැපුම් තුවාල සහිතව ත්‍රිරෝද රථයක වැටී සිටි පුද්ගලයෙකු රෝහල්ගත කිරීමේ දී මිය ගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ 55 හැවිරිදි පැලවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් මෙලෙස මිය ගොස් ඇති බවයි.

මිය ගිය පුද්ගලයා සිය වෙළද සැළට භාාණ්ඩ මිලදී ගැනීම සදහා රුපියල් 30 000 ක මුදලක්ද රැගෙන තම තිරෝද රථයෙන් ගොස් තිබුණා.

එහිදී කිසියම් පුද්ගලයෙකු ඔහුට තියුනු ආයුධයකින් පහර දී මුදල් කොල්ලකා පලා ගොස් ඇති බවයි පොලීසිය සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post