News Line| Off Air
Generic placeholder image

Apr
3

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ භාවිතා කරන්නන්ට වැඩ වරදියි

625 Views


මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ භාවිතා කරන්නන්ට වැඩ වරදියි

විෂ මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වන්නන්, අළෙවි කරන්නන් මෙන් ම ඒවා ළග තබා ගන්නා සහ භාවිතා කරන පුද්ගලයන්ට එරෙහිව ද ඉදිරියේ දී දැඩි නීති ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා.
ජනාධිපතිතුමා මේ බව සදහන් කලේ මත්ද්‍රව්‍ය පාලනයට සහ අපරාධ අවම කිරීමට අදාළ පනත් කෙටුම්පත් පිළිබඳව ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී යි.

විෂ මත්ද්‍රව්‍ය ළග තබා ගැනීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කිරීමේ දී ඔවුන් සතුව පවතින මත්ද්‍රව්‍ය ප්‍රමාණය ගණනය කිරීම ඇතුළු රස පරික්ෂක දෙපාර්තමේන්තුවෙන් සිදුවන ක්‍රියාවලියේ දී සම්පත් හිඟවීම ඇතුළු කරුණු හේතුවෙන් ප්‍රායෝගික ප්‍රමාදයන් සිදු වනවා.

ඒ පිළිබඳ අධ්‍යයනයක් සිදුකර එම ප්‍රමාදයන් වළක්වා ගනිමින් වැරදිකරුවන්ට නීතිය කි්‍රයාත්මක කිරීම කඩිනමි කිරීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන ලෙසයි ජනාධිපතිතුමා අධිකරණ ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය වෙත උපදෙස් ලබා දුන්නේ.

සුරාබදු ආඥා පනත සංශෝධනයට අදාළ කටයුතුවල මේ වන විට ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී සමාලෝචනය කලා. ජනාධිපතිතුමා සදහන් කලේ අදාළ සංශෝධන මුදල් අමාත්‍යාංශය මගින් කඩිනමින් කැබිනට් මණ්ඩලයට යොමු කරන ලෙසයි .


News Articles
Latest Videos
Most Popular Post