News Line| Off Air
Generic placeholder image

Apr
3

මදුෂ් සමඟ අත්අඩංගුවේ සිට පිටුවහල් කළ දෙදෙනාගෙන් එක් අයෙක් නිදහස්

644 Views


මදුෂ් සමඟ අත්අඩංගුවේ සිට පිටුවහල් කළ දෙදෙනාගෙන් එක් අයෙක් නිදහස්

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකදුරේ මදුෂ් සමඟ ඩුබායිහි අත්අඩංගුවේ සිට මෙරටට පිටුවහල් කරනු ලැබු පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු නිදහස් කර තිබෙනවා.

පොලිසීය පැවසුවේ මොහොමඩ් සිද්ධික් මොහොමඩ් සියාම් නැමති පුද්ගලයා අද අලුයම නිදහස් කල බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසු වන ලංකා සංජිත් පෙරේරා නැමැත්තාගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදු වනවා.

අද අලූයම නිදහස් කල මොහොමඩ් සියාම් නැමැත්තා මෙය ආවරණය කිරීමට ගිය එක් මාධ්‍යවේදියෙකුට පහර දී ඇති බවයි පොලීසිය සදහන් කලේ.

පහර කෑමෙන් අදාළ මාධ්‍යවේදියාගේ කැමරා උපකරණ වලට හානි සිදුව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post