News Line| Off Air
Generic placeholder image

Apr
3

මුල් ඇඳුම ඇඳගත් විදේශිකයින් දෙදෙනෙකුගේ නුසුදුසු හැසිරීම නිසා නුවර උණුසුම් වෙයි

1685 Views


මුල් ඇඳුම ඇඳගත් විදේශිකයින් දෙදෙනෙකුගේ නුසුදුසු හැසිරීම නිසා නුවර උණුසුම් වෙයි

මහනුවර අලවතුගොඩ සමන් දේවාලයේ බස්නායක නිලමෙි ජයමිපති හිංකෙන්ද මහතා ප්‍රමුඛ මහනුවර වැසියන් පිරිසක් අද සවස විරෝධතාවයක එදුණා. ඒ විදේශියන් පිරිසක් මහනුවර උඩරට නිළමෙි ඇදුම් ඇදගෙන මහනුවර දළදා මාළිගාව ආසන්නයේ වැව රවුමෙි එම ඇදුමිවලට අවමන් ලෙස හැසිිරෙමින් විඩියෝ ගත කිරිමක් සිදු කරමින් සිටි බවට චෝදනා කරමින්.

මහනුවර පොලිසියේ නිලධාරින් පැමින මෙම විදේශිය පිරිසගේ ආරක්ෂාව සදහා එම පිරිස මහනුවර රැජින හෝටලය තුලට රැගෙන ගොස් තිබෙනවා.

මෙම විඩියෝ ශිල්පින් සමග පැමිණි ශ්‍රි ලංකා නියෝජිතවරිය වන ඉරන්ති විජෙස්සිංහ මහත්මියට මෙි පිරිස විරෝදය දක්වමින් ඉල්ලා සිටියේ විඩියෝගත කරන ලද එම අවමන් දර්ශන මකා දමන ලෙසයි.

විරෝදතාවය දක්වමින් ජයමිපති හිංකෙන්ද මහතා ප්‍රකාශ කලේ උඩරට නිළමෙි ඇදුමින් සැරසි පුද්ගලයකු හා තවත් පුද්ගලයකු විසින් ගැහනු අදුමිවලට සමාන ලෙස විකෘති කරන ලද ඇදුමි ඇද ගෙන අවමන් වන ආකාරයෙන් හැසිරිම පිලබදව තමන්ගේ දඩි විරෝදය පල කරන බවයි.

ඉරන්ති විජේසිංහ මහත්මිය සදහන් කලේ මෙි විඩියෝ ගත කිරිම සදහා අවශ්‍ය අවසර රජයේ සැම ස්ථානයකින්ම ලබා ගෙන තිබෙන බවයි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ හා චිත්‍රපට සංස්ථාවෙි ද අවසර ලබා ගෙන මෙම කටයුතු සිදු කරමින් සිටි බවයි.

නමුත් මෙි බස්නායක නිලමෙිතුමන් ඇතුලු පිරිස විරෝදය දක්වන්නේ නමි තමන් ලබා ගත් එම විඩ්යෝ දරශණ මකා දැමමිට ද කැමති බවයි.

නමුත් ඒ අවස්ථාවෙි බස්නායක නිලමෙි ඇතුලු පිරිස ප්‍රකාශ කලේ මෙි විඩියෝ දරශන මකා දැමිමට තමන් එකග බවත් නමුත් ඒවා නිසි ලෙසම මකා දමන බවට සහතික විය යුතු බවයි.

තව දුරටත් ජයමිපති නිලමතුමා සදහන් කලේ මෙවැනි කටයුතු සදහා අවසර දෙන රාජ්‍ය ආයතන මෙි පැමිණෙන පිරිස් පිලබදව මිට වඩා අවධියෙන් සිටි යුතු බවත් අප රටෙි අනන්‍යතාවයට හානි කිරිමට ඉඩ නොදිය යුතු බවයි ඒ පිලිබදව තමන්ගේ විරෝදය පල කරන බවයි. කෙසේ වෙතත් අවසානයේ දර්ශන මකා දැමිම සිදු කෙරුනා.

හේරත් ඒකනායක
මහනුවර (සියත ප්‍රාදේශීය වාර්තාකරු)


News Articles
Latest Videos
Most Popular Post