News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
4

හෙට වෛද්‍යවරුන් දහසක් ලෙඩ නිවාඩු

692 Views


හෙට වෛද්‍යවරුන් දහසක් ලෙඩ නිවාඩු

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත හකුලා ගන්නා ලෙස සහ තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් හෙට වෛද්‍යවරුන් දහසක් ලෙඩ නිවාඩු වාර්තා කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා සඳහන් කළේ මීට අමතරව කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් හා කොටුව දුම්රියපොළ ඉදිරිපිට සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා විරෝධතා පාගමනක්ද පවත්වන බවයි.

විරෝධතාවට හා විරෝධතා පාගමනට රජයේ විධායක සේවා නිලධාරීන්ගේ වෘත්තිය සමිති 17 ක නියෝජිතයින් සම්බන්ධ වීමට නියමිතයි. විධායක සේවා වලට ඇතිවී තිඛෙන වැටුප් විෂමතා ඉවත්කර ගැනීම ඇතුළු රාජ්‍ය සේවාවේ ගැටලූ කිහිපයක් සම්භන්ධයෙන් ද බලධාරීන්ගේ අවධානයට යොමු කරවීම සදහා මෙය ක්‍රියාත්මක කරක බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සඳහන් කලා.


News Articles
Latest Videos
Most Popular Post