News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
5

ඉතියෝපියාවේ දී අනතුරට පත් ගුවන් යානය ගැන අනාවරණයක්

1171 Views


ඉතියෝපියාවේ දී අනතුරට පත් ගුවන් යානය ගැන අනාවරණයක්

ඉතියෝපියාවේ දී අනතුරට පත් බෝයිං 737 මැක්ස් 8 වර්ගයේ යානය බිමට පතිත වීමට පෙර අවස්ථා කිහිපයකදීම ලම්බාකාරව පහත්වී ඇති බව අණාවරණය වී තිබෙනවා.

මෙම තොරතුර දැක්වූනේ අනතුර සම්භන්ධයෙන් සිදු කල මුලික පරීක්ෂණ වලදීයි. අනතුර වළක්වා ගැනීම සඳහා යානයේ නියමුවා අවස්ථා කිහිපයකදීම බෝයිං සමාගම විසින් ලබාදී ඇති නිවැරදි ක්‍රමවේද අනුගමනය කර ඇති බවද එහි දැක්වෙනවා.

නමුත්, නියමුවන්ගේ එම උත්සාහයන් ව්‍යර්ථ වෙමින්, ඔවුන්ට ගුවන් යානය පාලනය කරගැනීමට නොහැකිවී බිමට පතිත වී ඇති බවයි ඉතියෝපියානු ප්‍රවාහන අමාත්‍යවරයා සදහන් කලේ.

කෙසේ වෙතත් ආන්දෝලනයට ලක්ව තිබෙන බෝයිං 737 මැක්ස් ගුවන් යානා සඳහා නව මෘදුකාංග පද්ධතියක් හදුන්වා දී ඇති බව බෝයිං සමාගම පවසනවා.

එම වර්ගයේ ගුවන් යානා පියාසර කරවීම අත්හිටුවනු ලැබුවේ පුද්ගලයින් 157 දෙනෙකුට මරු කැඳවූ ඉතියෝපියානු ගුවන් අනතුරෙන් පසුව යි.


News Articles
Latest Videos
Most Popular Post