News Line| Off Air| Games
Generic placeholder image

Apr
5

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

2374 Views


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

අද සිට ලබන 15 වැනිදා දක්වා ශ්‍රී ලංකාවට ඉහලින් සූර්යයා මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද දහවල් 12 12 ට දික්වැල්ල කැකුණදුර කොටවිල සහ මිදිගම ප්‍රදේශ වලට සෘජුව සූර්යයා මුදුන්වන බවයි. වයඹ පලාත ගම්පහ වව්නියාව මුලතිව් හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්ක සඳහා අද උණුසුම් කාලගුණ තත්වයක් පවතිනු ඇතී.

ඇතිවන අපහසුතා මගහරවා ගැනීමට හැකි තරම් ජලය පානය කරන ලෙසත් සෙවණ ඇති ස්ථාන වල රැඳී සිටින ලෙසත් සෞඛ්‍ය අංශ දැනුම් දී සිටිනවා.

දිස්ත්‍රික්ක 06 කට බලපා ඇති උණූසුම් කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 100 800 කට ආසන්නයි
මේ අතර ජල ඉල්ලූම 20%කින් ඉහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසනවා.

එහි සභාපති ඒ කේ අන්සාර් මහතා සදහන් කලේ වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍ර වල ජල මට්ටම අඩුවෙමින් තිබෙන බවයි.

පහත්බිම් ප්‍රදේශවල නළ ජලය භාවිත කරන්නන් අධික ලෙස ජලය භාවිත කිරීම මත ඉහළ ප්‍රදේශවල ජනතාවට ජල සැපයුම් සිදුකිරීම දුෂ්කර වී තිබෙනවා.

වියළි කාළගුණික තත්වයක් පැවතිය ද ජල කප්පාදුවක් සම්භන්ධත‍යන් තීරණය කර නොමැති බවයි ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයා සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post