News Line| Off Air
Generic placeholder image

Apr
5

නවසීලන්තයේ මුස්ලිම් පල්ලි දෙකකට වෙඩි තැබීමේ චෝදනාවට ලක්වූ සැකකරු යළිත් අධිකරණය

681 Views


නවසීලන්තයේ මුස්ලිම් පල්ලි දෙකකට වෙඩි තැබීමේ චෝදනාවට ලක්වූ සැකකරු යළිත් අධිකරණය

නවසීලන්තයේ ක්‍රයිස්ට් චර්ච්හිදී මුස්ලිම් පල්ලි දෙකකට කඩා වැදී වෙඩි තැබීමේ චෝදනාවට ලක්වූ සැකකරු අද යළිත් එරට අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මනුෂ්‍ය ඝාතන 50ක් සිදු කිරීම් චෝදනා විභාගයට පෙනී සිටීම සඳහා ඔහු මෙලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවයි නවසීලන්ත පොලීසිය සදහන් කලේ.

වෙඩි තැබීම් කළ 28 හැවිරිදි වියේ පසුවන ඕස්ටේ්‍රලියානු ජාතික බ්‍රෙන්ටන් ටැරැන්ට් විඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණය හමුවේ පෙනී සිටිමට නියමිතව තිඹ්Eනවා. ඔහු මේ වනවිට දැඩි ආරක්ෂාවක් රදවා ඇත්තේ ඕක්ලන්ඩ්හි බන්ධනාගාරයකයි.

විත්තිකරුගේ ඡායාරූප ගැනීම සහ ඔහු රූගත කිරීම මාධ්‍යයට තහනම් කිරීමට ද අධිකරණය පියවර ගෙන තිඹ්Eනවා. මීට පෙර ඔහුට එල්ල වී තිබුණේ එක් චෝදනාවක් පමණයි.

නමුත් ටැරන්ට එරෙහි චෝදනා අලුත් කිරීමට තීරණය කර නවසීලන්ත පොලීසිය පියවර ගෙන තිඹ්Eනවා. වෙඩි තබා මනුෂ්‍ය ඝාතන කිරීම සම්බන්ධයෙන් චෝදනා 50ක් සහ වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සිදු කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් චෝදනා 39ක් ඔහුට එරෙහිව ගොනු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

පසුගිය මාර්තු 15 වැනිදා නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හිදී මුස්ලිම් පල්ලි දෙකකට කඩා වැදී ඔහු සිදු කල වෙඩි තැබීමෙන් පුද්ගලයින් 50 දෙනකු මිය ගියා.


News Articles
Latest Videos
Most Popular Post