News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
5

රංගන ශිල්පී රයන් වැන් රෝයන් පොලිස් භාරයට

652 Views


රංගන ශිල්පී රයන් වැන් රෝයන් පොලිස් භාරයට

ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් රංගන ශිල්පී රයන් වැන් රෝයන් වැලිගම පොලීසියට භාර දී තිබෙනවා.

ඒ, ඔහු ගමන් කළ මෝටර් රථයේ තිබී ගංජා සොයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහායි.

ඔහු සමග අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් 04 දෙනාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ගුවන්තොටුපොළ නිලධාරීන් මේ වන විටත් ප්‍රශ්න කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කලා
රංගන ශිල්පී රයන් වැන් රෝයන් ඇතුළු 5 දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිŒමෙන් අනතුරුව ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබුවා
ඔහු සමග දිවයිනට පිටුවහල් කර ඇති අනෙක් පුද්ගලයින් වන්නේ මොහොමඩ් වෂීම්ඩීන්, දිමුතු සුරන්ත පෙරේරා ,සුරාජ් කාවින්ද සිල්වා සහ චරිත් පත්මන් නමැති අයයි

මාකඳුරේ මධුෂ් සමග ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත් වූ පිරිසෙන් මේ වන විට දිවයිනට එවා ඇති පුද්ගලයින් සංඛ්‍යාව 13කි.


News Articles
Latest Videos
Most Popular Post