News Line| Off Air
Generic placeholder image

Apr
5

වැලිකඩ සිරකරු ඝාතනයට සිරභාරයට ගත් එමිල් රංජන්ට ඇප

481 Views


වැලිකඩ සිරකරු ඝාතනයට සිරභාරයට ගත් එමිල් රංජන්ට ඇප

වැලිකඩ සිරකරු ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටි හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන එමිල් රංජන් ළමාහේවා මහතා ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියම කළා.

එම නියෝගය ලබා දුන්නේ ශිරාන් ගුණරත්න සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින්.

සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි අධිකරණය මෙහිදී නියෝග කළේ.

සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දීමටද නියෝග කෙරුණා.

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ සිරකරුවන් 27 දෙනෙකු මරණයට පත්වී තවත් පිරිසක් තුවාල ලැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් එමිල් රංජන් ළමාහේවා මහතා වසරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටියා.


News Articles
Latest Videos
Most Popular Post