News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
7

ඩෙංගු රෝගීන් 12000 ඉක්මවයි

531 Views


ඩෙංගු රෝගීන් 12000 ඉක්මවයි

මේ වසරේ ගත වු කාල සීමාව තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 12 851 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කලේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවයි.
එම සංඛ්‍යාව 2 832 ක්.
කොළඹ ගම්පහ කලුතර හා යාපනය දිස්ත්‍රික්ක වලින් වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.වැඩිම රෝගීන් වාර්තා වු මාසය වන්නේ පසුගිය ජනවාරි මාසයයි.එම මාසයේ දී වාර්තා වු ඩෙංගු රෝගීන් ගණන 5 576 ක්.පසුගිය මාර්තු මාසයේ දී රෝගීන් 3592 දෙනෙකු වාර්තා වී තිබෙනවා.ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් මැයි මස 08 වනදා සිට ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මකයි.ඩෙංගු මදුරු කීටයින් සහිත පරිශ්‍ර හිමියන් සදහා නීතිමය පියවර ගන්නා බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කලා.


News Articles
Latest Videos
Most Popular Post