News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
7

පළමුවනදා සිට යලි බඩඉරිඟු වගාව යලි පටන් ගනී

703 Views


පළමුවනදා සිට යලි බඩඉරිඟු වගාව යලි පටන් ගනී

යල කන්නය සඳහා ලබන මස පලමුවනදා සිට 15 වනදා කාලය තුලදී බඩ ඉරිගු වගා කරන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා.

එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ අනුර විජේතුංග මහතා කියා සිටියේ ගුණාත්මක තත්වයෙන් ඉහල බීජ වගා කිරීම වැදගත් බවයි. බීජ වගා කිරීමට පෙර ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශකවරයා හමු වී උපදෙස් ලබා ගන්නා ලෙසද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවි මහතුන්ට දැනුම් දී සිටිනවා. පසුගිය වසරේ අග භාගයේ බඩ ඉරිගු වගාවට බලපෑ සේනා දළඹු උවදුර හෙතුවෙන් හෙක්ටයාර 81 000 ක පමණ බඩ ඉරිගු වගාවන් විනාශයට පත්වුණා.

ඒ සඳහා වන්දි ලබා දීම ආරම්භ වුණේ පසුගිය මාර්තු 10 වනදායි. අම්පාර මොණරාගල ඇතුලු දිස්ත්‍රික්ක කිහිපයක සේනා දළඹූ උවදුරෙන් හානි වූ වගාවන් සඳහා අක්කරයකට රුපියල් 40 000 බැගින් වන්දි පිරිනමා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post