උත්සව සමය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා අද සිට ආරම්භ කිරීමට නියමිතයි.
ලබන 18 වන දින දක්වා මෙම සේවාව ක්‍රියාත්මක බවයි ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සඳහන් කළේ. ගම්බිම් බලා යන මගීන්ගේ පහසුව වෙනුවෙන් අතිරේක බස්රථ 1 487 ක් යොදවා තිබෙනවා.
කොළඹ, හැටන්, මහනුවර, අම්පාර සහ මඩකලපුව යන ප්‍රදේශ වලට වැඩි බස්රථ ප්‍රමාණයක් යෙදවීමට නියමිතයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ සහ කටුනායක අධිවේගී මාර්ගයේ ද විශේෂ බස්රථ සේවාවන් ක්‍රියාත්මක කරනු ඇත.
මීට සමගාමීව ලබන 10 වනදා සිට 17 වනදා දක්වා විශේෂ දුම්රිය සේවා ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව බදුල්ල මහනුවර යාපනය සහ අලූතින් ඉදිකළ ඛෙලිඅත්ත දුම්රිය ස්ථානය දක්වා විශේෂ දුම්රිය ධාවනය කිරීමට නියමිතයි.
ඒ අනුව දුම්රිය 20 ක් අතිරේකව ධාවනය සඳහා එක් කරනු ඇති. සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් අද සිට ලබන 21 වනදා තෙක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ දුම්රිය දෙපාර්තමේන්තු සේවකයින්ගේ නිවාඩු සීමාකර ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සදහන් කලා.