සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකදුරේ මදුෂ් සමඟ ඩුබායිහි අත්අඩංගුවේ සිට මෙරටට පිටුවහල් කරනු ලැබු පුද්ගලයින් දෙදෙනාගෙන් දෙනාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන් තොටුපොල කාර්යාල නිළධාරීන් විසින් ප්‍රශ්න කිරීම් සිදු කරන බවයි
ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ එම පුද්ගලයින් අද අලූයම ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ එල් 226 දරණ යානයෙන් දිවයිනට එවා තිබුණා. මෙලෙස දිවයිනට පිටුවහල් කල එක් පුද්ගලයෙක් වන්නේ මොහොමඩ් නසීර් මොහොමඩ් ෆයිසාල් නැමැත්තායි.
37 හැවිරිදි ඔහු කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මොහාමඩ් මුෆාර් මොහොමඩ් ජබීර් නැමැති පුද්ගලයා ද දිවයිනට පිටුවහල් කර තිබෙනවා. ඔහු ද මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය සදහන් කලේ.
ප්‍රබල පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් ඇතුලූ 31 දෙනෙකු කොකේන් තොගයක් සමග ඩුබායි හී පිහිටි ප්‍රධාන පෙලේ හෝටලයක පැවති සාදයක් අතරතුර එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේ පසුගිය පෙබරවාරි මස 5 වනදායි.
අත්අඩංගුවේ සිටි පුද්ගලයින් 14 දෙනෙකු මේ වන විට ශ්‍රි ලංකාවට පිටුවහල් කර තිබෙනවා.