News Line| Off Air
Generic placeholder image

Apr
8

සියලුම දේශපාලඥයින් සතු වගකීමක් ජනපති මතක් කරයි

539 Views


සියලුම දේශපාලඥයින් සතු වගකීමක් ජනපති මතක් කරයි

කතාකරන භාෂාව අනුව රටේ ජනතාව අතර ඇතිව තිබෙන බෙදීමට පක්ෂ භේදයකින් තොරව සියලූ දේශපාලනඥයන් වගකිව යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසනවා.

ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ සරල සිංහල භාෂාවට පරිවර්තනය කෙරුණු ශුද්ධ වූ අල්-කුරාණය එළිදැක්වීම සඳහා ඊයේ පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයක් අමතමින්.

රටේ ජාතික සම`ගිය සහ සංහිදියාව ගොඩනැංවීමේ වැඩපිළිවෙළේ දී කතාකරන භාෂාව අනුව සමාජය තුළ සිදුව ඇති ඛෙදීම මහත් බාධාවක් වී ඇති බව මෙහි දි අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියා.

සියලූ ජාතින් සහ ආගමිකයන් අතර ඇතිකරගන්නා අවබෝධය සහ අන්‍යෝන්‍ය විශ්වාසය ම`ගින් මෙම ඛෙදීම අවසන් කළ යුතු බවයි ජනාධිපතිතුමා අවධාරණය කලේ.

භාෂාව අනුව පාසල් වර්ගීකරණය කිරීම ද අවසන් විය යුතු අතර පොළොන්නරුවේ ඉදි කළ ත්‍රෛභාෂා ජාතික පාසල් ව්‍යාපෘතිය දිවයිනේ අනෙකුත් පළාත් සඳහා ද ව්‍යාප්ත වීම ඉතා වැදගත් බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා..


News Articles
Latest Videos
Most Popular Post