News Line| Off Air
Generic placeholder image

Apr
8

හෙට සිට දිවයින පුරා බස් වර්ජනයක්

2149 Views


හෙට සිට දිවයින පුරා බස් වර්ජනයක්

හෙට සිට දිවයින පුරා එක්දින සංඛේත වැඩ වර්ජනයක නිරත වීමට සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමය සදහන් කලේ රජය විසින් ගෙන ඒමට නියමිත නව රථ වාහන දඩ මුදලට විරෝධය පල කරමින් මෙම වර්ජනය සිදු කරන බවයි.

නව සංශෝධන අණ පනත් හේතුවෙන් බස් රථ රියදුරන් හා සේවකයින් දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇති බව ඔවුන් පෙන්වා දෙනවා. පවතින මාර්ග නීති රීති හමුවේ වාහන ධාවනය කිරීම ඉතාමත් අසීරු බවයි සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය සදහන් කලේ.

බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථ වල පමණක් ඉදිරිපස හා පිටුපස ළා නිල් වර්ණ ගැන්වීම හා පෞද්ගලික බස් රථ රියදුරන්ට පමණක් නිල ඇඳුමක් නියම කර තිබීම අසාධාරණ බව ද ඔවුන් කියා සිටියා. ඊට විරෝධය පල කරමින් හෙට මධ්‍යම රාත්‍රියේ සිට 10 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා වර්ජනය ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post