News Line| Off Air| Games
Generic placeholder image

Apr
9

ඉරාජ්ට සන්නගෙනුත් පිළිතුරු

2060 Views


ඉරාජ්ට සන්නගෙනුත් පිළිතුරු

ඉරාජ්ගේ නවතම මියුසික් වීඩියෝව සම්බන්ධයෙන් මේ දිනවල උණුසුම් කතාබහක් ඇති වෙලා තියෙනවා.

උපුල් ශාන්ත සන්නස්ගලත් ඉරාජ් සම්බන්ධයෙන් සටහනක් සිය ෆේස්බුක් ගිණුමේ යොදා තිබුණා. පහතින් දැක්වෙනෙන එයයි.

 

Iraj Weeraratneට;

ආදරය තැවරුණු රෝමාන්තික සිංදු අසමින් අමරදේව, නන්දා මාලිනි, වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, සෝමතිලක ජයමහ යනාදී මිහිරැතියන්ගේ හඬින් භාවනා කරමින් සිටි කාලයක,
.
‘අප්පච්චි අහන්නෙ මළ ගෙවල්වල අඬන සිංදු. කිසි ගෝ එකක් වයිබ් එකක් නෑ.’

කියා ඉරාජ් නම් තරුණ සංගීත ශිල්පියෙකුගේ ගීත අසන්නට මට පාර කීවේ මගේ පුතාලා දෙන්නා ය. ඔවුන් දෙදෙනා ඉරාජ්ට වඩා ටිකක් වයසින් අඩු ය. කුඩා කල සිට බටහිර ගීත ඇසූ දෙපුතුන් ඉරාජ් නම් ලාංකීය තරුණයෙකු ඊළඟ ජෙනරේෂන් එකේ හීරෝ ලෙස සැලකීම මා විස්මපත් කළ සිදුවීමක් විය. ඒ මීට දශක එකහමාරකට පමණ පෙර ය.

සුදර්ශියේ පැවති වසන්ත දුග්ගන්නාරාළගේ ප්රාසාංගික වැඩකදී හමු වූ ඉරාජ්ට මම දෙපුතුන්ගේ සංගීත ලෝකයේ හීරෝ ඔහු බව කීවෙමි. පසුදින ඉරාජ් ඔහුගේ මිතුරු රනිඳු සමග මත්තෙගොඩ ආවේ ය. එදින ගත් ඡායාරූපයක් මෑතදී ඇල්බමයක තිබී හමු වී මම පුතාට පෙන්වීමි. ‘පොඩි කාලෙ’ ? පුතා කීවේ ය. බත්තරමුල්ල මගේ ව්යාපෘති කාර්යාලයට ඉරාජ් කීප වතාවක් පැමිණ ඇත. අදත් කොළඹ නගරාශ්රිත අවන්හලකදී, ප්රාසාංගිකයකදී හෝ සාප්පු සවාරියකදී අහඹු දැක්මකින් පමණක් මා අසලට එන ඉරාජ් සිනාමුසු මුහුණින් ආචාර කොට සුහදශීලී කතාවකට සැරසි නිහතමානියෙකි. මගේ පසුගිය උපන් දිනයකදී ඔහු අවසන් වරට මට දීර්ඝායුෂ ප්රාර්ථනා කළේ ය.

Kasun Chamara ඔස්ට්රේලියාවේ ජීවත් වන සංගීත අභිවෘද්ධිකාමියෙකි. ඔහු මගේ මහනුවර පන්තියේ ශිෂ්යයෙකි. සංගීත ලෝකයට පිවිසීමට ඔහු කොළඹ එන්නට සූදානම් වූ විට මම කොළඹ ගොස් කසුන් කල්හාර හෝ ඉරාජ් වීරරත්න හමු වන මෙන් පැවසුවෙමි. ශිල්පීන් දෙදෙනාටම ඒ මොහොතේම කතා කොට කසුන් චාමර දුරකතනයෙන් සම්බන්ධ කළෙමි. ඒ බව කසුන් චාමර ඊයේ පෙරේදා තැප්රොබේනයට පැමිණ සිහිගැන්වී ය. කසුන් කල්හාර ඇකඩමියෙන් ශිල්ප හැදෑරූ කසුන් චාමර ඉනික්බිතිව ඉන්දියාවට ගොස් ඒ. ආර්. රහමන් සංගීත පාසලට ඇතුළත් විය.

ඉතිං මේ හදිසියේ මං ඉරාජ්ට ලියන්නේ ඇයි?
ඒ, සුරත නිසා බව නොතේරෙන බබ්බු ෆේස්බුක් එකේ නැත.

පළමුව ඔබ තැප්රොබේනියන් එකත් මාත් යොදාගෙන වීඩියෝවක් කර සිදු කර දුන් ප්රමෝෂන් කැම්පේන් එකට ස්තුතිවන්ත වෙමි. ඒත් ඔබ වික්ටර් රත්නායකට කළ වැඩේ ඔහු මා තරම් සැහැල්ලුවෙන් භාරගත්තේ නැත. වීඩියෝවක් කර ඔබ බුක්ති වින්දේ ඔබේ ප්රකාශන නිදහස විය යුතු ය. ඒ වෙනුවෙන් මගේ සතදෙක ලියා තැබීම මගේ ප්රකාශන නිදහස ය. ඒ අනුව කලාව හා කැලෑව තෝරා බේරාගැනීම ගැන මේ මොහොතේ කියමි. ශක්තිකට වුණත් කිව යුත්තේ එයම ය. කොලිටි නැති වැඩ කර අදහස් ප්රකාශ කිරීමේ හා ප්රකාශන නිදහස වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ පෞරුෂ දීන කරන්න එපා.

සුරත වීඩියෝව සඳහා වස්සාන සිහිනය කෘතිය, එහි පිටකවරය සහ මගේ අම්මා පොතේ සම්පූර්ණ ඡේදයක් අනවසරයෙන් යොදාගැනීම මගේ අයිතීන් මංකොල්ලකෑමකි. නීතිමය පිවිසීමකින් මට ඔබට විරුද්ධව නඩු පැවරිය හැකි ය. රටේ රාජ්ය නායකයාගේ කටහඬ ඔබ යොදාගෙන ඇත්තේ අවසර ගෙනදැයි මම නොදනිමි. අශිෂ්ට ලෙස මහමඟ දී ඔබේ හොම්බට දෙකක් අනිනවා ද ශිෂ්ට ලෙස නීතියේ සහය පතනවා දැයි මා තවම තීරණය කොට නැත. එය එසේ තිබියදීත් මම ඔබේ රයිට්ස් වෙනුවෙන් ටැලන්ට්ස් වෙනුවෙන් පෙනී සිටිමි. ඒත් තමන්ට ඇති රයිට් එක කොලිටි විදිහට පාවිච්චි කිරීමට නොදන්නාකම ඔබේ ටැලන්ට් එකට කරන්නේ මහ විනාසයකි. මට නොතේරෙන්නේ මා උපහාසයට ලක් කිරීමට මීට වඩා නිර්මාණාත්මක වීඩියෝවක් කරගන්නට ඔබට බැරි වුණේ මන්ද යන්නයි. කාලෙකට පෙර මියුසික් ෆීල්ඩ් එකේ හීරෝ කෙනෙක් වීමේ පෙරනිමිති පෙන්නූ ඔබ දැන් මියුසික් වීඩියෝස් කරන්නේ ද ඔබේ අසික්කිත නොයිස් ටීවී යූටියුබ් චැනල් එක වටා රොක් වී සිටින අසහනකාරී ඕඩියන්ස් එකටම වීම සෝචනීය ය.

එක්කෝ හිරගේක ලැගලා හැදියං. නැත්නම් සංගීත කලාවේ අසූචි තවරන එක නවත්තපං. ජරා වැඩ නොකර ලස්සනට ජීවත් වෙන්න උඹට පුළුවන්. මට පුදුම සමන්තභද්ර බුදුන් වහන්සේ තමන්ගේ දායක සංගීතකාරයාට මේ ඩිංග කියන්නේ නැත්තේ ඇයි කියලා ය. රේටිංග්ස්, වීව්ස් වෙනුවෙන් මිනිස් මාංශ කරද්දීත්; අනේ මේ බුදුන් පවා තමන්ට දායක නම් ඕන ගූ ගොඩක් වළඳන කැත! ?

ප.ලි. – උඹේ වීඩියෝවට රිප්ලයි ලිවීමෙන් සිද්ද වෙන්නේ ද උඹට වීව්ස් වැඩි වීම පමණක් බව දනිමි.


News Articles
Latest Videos
Most Popular Post