News Line| Off Air
Generic placeholder image

Apr
9

සරණාගතයින් ලෙස දකුණු ඉන්දියාව බලා ගිය 58 ක් අද දිවයිනට

715 Views


සරණාගතයින් ලෙස දකුණු ඉන්දියාව බලා ගිය 58 ක් අද දිවයිනට

යුධ ගැටුම් පැවති කාලයේ සරණාගතයින් ලෙස දකුණු ඉන්දියාව බලා ගිය පවුල් 23ක, සාමාජිකයින් 58 දෙනෙකු අද යළී දිවයිනට පැමිණීමට නියමිතයි.

ජාතික ප්‍රතිපත්ති, ආර්ථීක කටයුතු, නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ මෙම පිරිසට පිරිමි පුද්ගලයින් 26 දෙනෙකු සහ කාන්තාවන් 32 දෙනෙකු ඇතුළත් බවයි.

ඔවුන් මෙරටට පැමිණීමෙන් පසුව යාපනය, මන්නාරම, වවුනියාව, ත්‍රිකුණාමලය සහ කොළඹ යන දිස්ත්‍රික්ක වල පදිංචිය සඳහා පිටත්ව යාමට නියමිතයි. සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය විසින් සැලසූ පහසුකම් මත යුද්ධය පැවති සමයේ දී මෙම පිරිස් දකුණු ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

එම පිරිසට නොමිලේ ගුවන් ටිකට්පත්, ඒකාබද්ධ කිරීම යටතේ ලබාදෙන දීමනා සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය මගින් ලබාදීමට නියමිතයි.

මීට අමතරව නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය විසින් ද ගුවන් තොටුපලේ දී අවශ්‍ය පහසුකම් සැපයීමට දීමනා ලබාදෙන බව ජාතික ප්‍රතිපත්ති, ආර්ථීක කටයුතු, නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වී.සිවඥානසෝති මහතා වැඩිදුරටත් සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post