ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් සංඝාධිකරණයක් නොවෙයි උන් වහන්සේලා උසාවියට යන එක ගැනත් තමන්ගේ කැමැත්තක් නැති බවත්, අපරාධ නීතිය යටතේ ස්වාමීන් වහන්සේලා මොනම හේතුවකටවත් අධිකරණය ඉදිරියට ගෙනියන්නට තම පාර්ශවය බලාපොරොත්තු නොවන බවත් අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කරා.
රත්නපුර ශ්‍රී බෝධිරාජාරාමයේ සිව්මහල් බුදු මැදුර විවෘත කිරීමේ සහ රත්නපුර ශ්‍රී බෝධිරාජාරාම විහාරාධිපති පුජ්‍ය මාවෙල සුමන නායක ස්වාමීන් වහන්සේ වෙත දිසා පාලක ධූර අක්ත පත්‍ර ප්‍රදානය කිරීම වෙනුවෙන් එම විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින් එතුමිය මේ බව ප්‍රකාශ කර සිටියා.
එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය. “අපි හදවතින්ම බෞද්ධ ධර්මයේ යහපත වෙනුවෙන් වැඩ කරන උදවිය. අපි නිකායකට වෙන් වෙලා වැඩ කරන්නේ නැහැ. අපේ නිකාය බෞද්ධ නිකාය. අපි නොදැක්කාට ඉතා විශාල මෙහෙවරක් නිහඩව කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. අපි කථා කරන ධර්මය අපේ ජීවිතය තුළ ඇති කර ගන්න ඕන. අපිට බුදු රජාණන් වහන්සේ දේශනා කළ පන්සිල් පද පහ අනුව ජීවත් වෙන්න ඕන. මම කියන්න ඕන පුද්ගලිකව බෞද්ධ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් සංඝාධිකරණයක් නොවෙයි ස්වාමීන් වහන්සේලා නිකං උසාවියට යන එක ගැනත් මගේ එච්චරම සන්තෝෂයක් නැහැ.”