News Line| Off Air
Generic placeholder image

Apr
10

ඊශ්‍රායල මහ මැතිවරණය උණුසුම් මුහුණුවරක්

629 Views


ඊශ්‍රායල මහ මැතිවරණය උණුසුම් මුහුණුවරක්

ඊශ්‍රායල මහ මැතිවරණය ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා. ඒ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා වන අග්‍රාමාත්‍ය ඛෙන්ජමින් නෙතන්නියාහු හා ඛෙනී ගාන්ට්ස් තරගාකාරී ප්‍රතිඵල ලබා ගැනීම හේතුවෙන්.

ඊයේ පැවැත්වුණු ඊශ්‍රායල මහ මැතිවරණයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වෙමින් පවතිනවා. ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල වලට අනුව දෙපාර්ශවයම සමාන්තර ජන්ද ප්‍රමාණයක් ලබා ගෙන ඇති බවයි විදෙස් පුවත් වාර්තා කලේ.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය දක්ෂිණාංශික ලීකුද් පක්ෂය නියෝජනය කරන ඛෙන්ජමින් නෙතන්නියාහු ජයග්‍රහණය කරනු ඇතැයි අනාවැක පළ වී තිබෙනවා.

මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් ඔහු එරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වන පස්වැනි අවස්ථාව මෙය යි.

ඊශ්‍රායල අගමැතිවරයාගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වී ඇත්තේ එරට හමුදාවේ හිටපු ජෙනරාල්වරයකු වන ඛෙනී ගාන්ට්ස්.

පිරිසුදු ආණ්ඩුවක් ස්ථාපිත කරන බවටත් සමගිය සහ එකමුතුකම ඇති කරන බවටත් ඔහු පොරොන්දු ලබා දී තිබෙනවා. ගාන්ට්ස් මහ මැතිවරණයට ඉදිරිපත් වී ඇත්තේ නිල් සහ සුදු නමැති පක්ෂයකින්.

මධ්‍යස්ථ මතධාරී පක්ෂයක් වන ඒ සදහා ඊශ්‍රායල හමුදාවේ හිටපු ජෙනරාල්වරු රැසක් සම්භන්ධ වී සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post