News Line| Off Air
Generic placeholder image

Apr
10

දුම්රිය වෘත්තිය සමිති වැඩ වර්ජනය තාවකාලිකව නවත්වයි

617 Views


දුම්රිය වෘත්තිය සමිති වැඩ වර්ජනය තාවකාලිකව නවත්වයි

දුම්රිය වෘත්තිය සමිති ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනියර් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා සදහන් කලේ ඊයේ පස්වරුවේ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව වර්ජනය අත්හිටුවීමට පියවර ගත් බවයි.

මාසයක් ඇතුළත වැටුප් ගැටලූවට විසදුම් ලබා දෙන බව අමාත්‍යවරයා එහිදී පොරොන්දු වී තිබෙනවා. එම කාලය තුළ විසදුම් ලබා නොදෙන්නනේ නම් යළිත් වැඩ වර්ජනය ආරම්භ කරන බවයි දුම්රිය වෘත්තීය සමිති සදහන් කලේ.

වැටුප් විෂමතා ඇතුලු ගැටලු කිහිපයක් සඳහා විසඳුම් නොලැබීම හේතුවෙන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට එම වෘත්තීය සමිති වැඩ වර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබුණා.

රජය විසින් ගෙන ඒමට නියමිත නව රථ වාහන දඩ මුදලට විරෝධය පල කරමින් ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

පවතින මාර්ග නීති රීති හමුවේ වාහන ධාවනය කිරීම ඉතාමත් අසීරු බවයි එම සංගමය සදහන් කලේ.

කෙසේ වෙතත් මෙම වැඩ වර්ජනයට තම සංගම් සහභාගී නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය හා පෞද්ගලික බස් හිමියන්ගේ ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානය පවසනවා.

මේ අතර උත්සව සමයේ මගීන්ගේ පහසුව වෙනුවෙන් බස් හා දුම්රිය දේවා නියමිත පරිදි ධාවනයට යොදවන බව ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සදහන් කලා.


News Articles
Latest Videos
Most Popular Post