News Line| Off Air| Games
Generic placeholder image

Apr
10

පොලිස් නිලධාරීන් 69දෙනෙකුට කදිම අවස්ථාව

688 Views


පොලිස් නිලධාරීන් 69දෙනෙකුට කදිම අවස්ථාව

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව සමග එක්වීමට මෙරට පොලිස් නිලධාරීන් 69දෙනෙකුට අවස්ථාව හිමිව තිබෙනවා. මෙම අවස්ථාව ලැබී ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ සම්මුඛ පරීක්ෂණයකින් පසුවයි.

මෙම 69දෙනාගේ කණ්ඩායමට පොලිස් කොස්තාපල් සිට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දක්වා විවිධ තනතුරු වල පොලිස් නිලධාරීන් අයත්. සාමසාධක රාජකාරී ආරම්භ කිරීමට පෙර ඔවුන්ගේ පසුබිම් වාර්තා මානව හිමිකම් කොමිසම හරහා ලබා ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගෙන තිබෙනවා.

මීට අමතරව මාස 02ක් තුළ සෞඛ්‍ය වාර්තා සහ වීසා බලපත්‍ර ද ලබා දිය යුතුයි. ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරීන් මේ වනවිට සාම සාධක මෙහෙයුම්වල නිරත වන්නේ දකුණු සුඩානයේ පමණයි.

දැනටමත් ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් 18දෙනෙකු එරට සාම සාධක හමුදාවල නිරත වනවා. ඔවුන්ගේ කාලය ජූනි මස 31 වැනිදායින් අවසන් වීමට නියමිතයි.

ඒ අනුව අලුතින් තෝරා ගැනුණු 69දෙනා දකුණු සුඩානයට මෙන්ම එරට ඩාෆූර් ප්‍රදේශයටත්, යේමනය සහ මාලි යන රාජ්‍යයන් සඳහාත් අනියුක්ත කරනවා.


News Articles
Latest Videos
Most Popular Post