News Line| Off Air
Generic placeholder image

Apr
10

සමෘද්ධි නිලධාරීනුත් වැඩ වර්ජනයක

643 Views


සමෘද්ධි නිලධාරීනුත් වැඩ වර්ජනයක

ලබන 16 වනදා වැඩ වර්ජනයක නිරත වීමට සමෘද්ධි නිලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ සමෘද්ධි නිලධාරීන්ගේ විශ්‍රාම දීමනා ඇතුළු ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බවයි.

සමෘද්ධි ව්‍යාපාරයේ ඇති ගැටළු විසඳා දෙන මෙන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිය ද මෙතෙක් ඒ සදහා විසදුම් ලැබී නොමැති බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

සමෘද්ධි අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හරහා චක්‍රලේඛනයක් නිකුත් කර ඇති බවත් එයින් නව සමෘද්ධි නිලධාරින් ලෙස පත්වීම් ලබා ගත් අයගේ වැටුප ඔවුන් පෙර සිටි මුල් පත්වීමේ ආරම්භක වැටුප බවට පත්වෙන බව ඔවුන් සදහන් කලා.

ඊට විරෝධය පල කරමින් අලූත් අවුරුදු සමයේ ගනුදෙනු වලින් වැලකී සිටීමට සමෘද්ධි නිළධාරීන් තීරණය කර තිබෙනවා. මේ සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීගේ සංගමයේ ලේකම් ජගත් කුමාර මහතා.


News Articles
Latest Videos
Most Popular Post