News Line| Off Air
Generic placeholder image

Apr
10

සයිනයිට් සොයා වැලිකඩ පරීක්ෂණ

1164 Views


සයිනයිට් සොයා වැලිකඩ පරීක්ෂණ

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින රැදවියෙකු සතුව තිබී සයිනයිට් කුප්පි 2ක් සහ එන්නත් කරන සිලින්ජර 2ක් සොයා ගැනීමේ සිද්ධිය සම්භන්ධයෙන් පුලූල් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

විමර්ශන සිදු කරන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා පොලීසිය එක්වයි.

රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින රැදවියෙකු සතුව සයිනයිට් කුප්පි ඇති බවට බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට තොරතුරක් ලැබී තිබුණා.

එම පොලිස් කොට්ඨාසයෙන් කල දැනුම් දීමකට අනුව පරීක්ෂාව සිදු කලේ බන්ධනාගාර බුද්ධි නිලධාරීන් විසින්.

එහිදී සයිනයිට් අඩංගු බවට සැකකරන කුප්පි 2ක් හා සයිනයිට් යම් ප්‍රමාණයකට පිරවු බවට සැකකරන සිලිංජර 2ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, හෙරොයින් නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සමන් පුෂ්ප කුමාර නොහොත් මරාල සුරංග යන පුද්ගලයායි.

බන්ධනාගාරයේ රඳවා සිටින ඔහුට ප්‍රතිවිරුද්ධ කණ්ඩායමක සාමාජිකයින් දෙදෙනෙකු ඝාතනය කිරීම සඳහා මේවා රැගෙන පැමි‚ බවට ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post