News Line| Off Air| Games
Generic placeholder image

Apr
11

මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වෙයි

445 Views


මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වෙයි

මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වීමට නියමිතයි. පලාත් සභා ඡන්දය පැවැත්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්එහිදී අවධානය යොමු කරනු ඇතී.

මැතිවරණ කොමෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් ජනධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත පසුගිය 07 වනදා ලිපියක් ද යොමු කලා. ඒ පලාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ නීතිමය පදනම කුමක්දැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසන ලෙස ඉල්ලමින්.

පලාත් සභා මැතිවරණය ප්‍රමාද වීමට හේතු වී ඇත්තේ සීමා නිර්ණ ඇගයීම් කමිටුවේ වාර්තා පමා වීමයි. සීමා නිර්ණ වාර්තාව නොමැති විට දී පැරණි සීමා නිර්ණ වාර්තාවට අනුව පලාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාව තිබේද යන්න ශ්‍රේෂ්ඨාධිකරණයට තීරණය කළ හැකි බව මැතිවරණ කොමිසමේ අදහස වී තිබෙනවා.

ආණ්ඩුුක්‍රම ව්‍යවස්ථාවේ 33 – 1 ඩී වගන්තියට අනුව මැතිවරණ කොමිසමේ උපදේශ මත ජනාධිපතිතුමා විසින් මැතිවරණය පැවැත්වීමට අදාළ වාතාවරණය සකස් කළ යුතුයි
පලාත් සභා 06 ක නිළ කාලය මේ වස විට අවසන් වී ඇති අතර දකුණු පලාත් සභාවේ නිළ කාලය ඊයේ මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වුණා.

බස්නාහිර පලත් සභාවේ නිළ කාලය ලබන 21 වනදා අවසන් වනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post