News Line| Off Air
Generic placeholder image

Apr
11

ලොව විශාලතම මැතිවරණය අද ඉන්දියාවේ

1077 Views


ලොව විශාලතම මැතිවරණය අද ඉන්දියාවේ

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය ලෙස සැළකෙන ඉන්දීය මහ මැතිවරණය අද ආරම්භ වෙනවා.

මහ මැතිවරණයේ දී ඉන්දීය ලෝක් සභාවට නියෝජිතයින් 543 දෙනෙකු තෝරා පත් කර ගැනීමට නියමිතයි.

අද ආරම්භ වන මහ මැතිවරණය මැයි 19 වැනිදා දක්වා සති හයක කාලයක් පැවැත්වෙනවා.එම සති 06 තුළදී සියලූ ප්‍රාන්ත කොටස් 07 කට ඛෙදා අදියර 07 ක් යටතේ ජන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

මැතිවරණයේ පළමු අදියර යටතේ අද අන්ද්‍රා ප්‍රදේශ් අරුනාචර් බිහාර් ජම්මු කාශ්මීර් මහාරාශ්ඨ මනිපූර් තෙලගනා උත්ත්ර ප්‍රදේශ් බටහිර ඛෙංගාලය වැනි ප්‍රදේශ වල ජන්ද විමසීම ආරම්භ කිරීමට නියමිතයි.

ඉන්දියාවේ ප්‍රාන්ත 20 පුරා පැවැත්වෙන මැතිවරණයේ ජන්දය ප්‍රකාශ කිරීම සදහා සුදුසුකම් ලබා ඇති ජන්දායකයින් සංඛ්‍යාව මිලියන 900 ක් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ජන්ද මධ්‍යස්ථාන මිලිියනයක් ස්ථාපිත කර තිබෙනවා.

ඒ සදහා යොදා ඇති විද්‍යුත් ගණනය කිරිමේ යන්ත්‍ර ගණන මිලියන 01 යි දශම 01 ක්
මැයි මස 19 වනදා ජන්දය ප්‍රකාශ කිරීම අවසන් වන අතර අනතුරුව ගණනය කිරීම් ආරම්භ වනවා.

මැයි මස 23 වනදා ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතයි. ලෝක් සභාවට නියෝජිතයින් 543
භාරතීය ජනතා පක්ෂය දෙවැනි වරටත් ආණ්ඩු බලය ලබාගැනීමේ අපේක්ෂාවෙන් පසු වනවා.

කෙසේ නමුත් තියුණු සටනක් පවතිනු ඇති බවයි දේශපාලන විචාරකයින් සදහන් කලේ
ආන්ඩු බලය ලබා ගැනීම සදහා ලෝක් සභාවේ ආසන 543 න් අවම වශයෙන් 272 ක බලය ලබා ගත යුතුයි.

මැතිවරණ කාලසීමාව තුළදී ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වීමේ අවදානම සැලකිල්ලට ගනිමින් ආරක්ෂක තත්ත්වය ඉහළ නැංවීමට ඉන්දියාව පියවර ගෙන තිබෙනවා.

මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේදී අගමැති නරේන්ද්‍ර මෝදි ඉදිරියෙන් සිටීමට සමත්වූ අතර මෝදි පාලනය ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

මාවෝවාදී කැරැලිකරුවන් පසුගිය අඟහරුවාදා එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් පස්දෙනෙක් ජීවිතක්ෂයට පත්වුනා.

මියගිය පිරිස අතර මෝදිගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වී සිටි මන්ත්‍රීවරයක් ද වනවා.

මෙම තත්ත්වය හේතුවෙන් මැතිවරණ පැවැත්වෙන කාලසීමාවේදී බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පවතින බවයි ඉන්දීය ආරක්ෂක අංශ සදහන් කලේ.

මේ අතර ඉන්දීය මහ මැතිවරණයෙන් හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය ජයග්‍රහණය කළහොත් සාමය සඳහා වඩාත් හොඳ අවස්ථාවක් වනු ඇතැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසනවා.

විපක්ෂයේ පසුවන කොංග්‍රසය ඉන්දියාවේ මීළඟ ආණ්ඩුව ලෙස පත්වුවහොත්. මතභේදාත්මක ඉන්දීය පාලන කාශ්මීරය සම්බන්ධයෙන් විසඳුමකට පැමිණීම පහසු නොවනු ඇති බවයි පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post