News Line| Off Air| Games
Generic placeholder image

Apr
11

විදුලි කප්පාදුව අදින් අවසන්

408 Views


විදුලි කප්පාදුව අදින් අවසන්

අද සිට විදුලි කප්පාදුවක් සිදු නොවන බව විදුලි බල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.

අමාත්‍යවරයා සදහන් කලේ විදුලිබල අර්බුදයට අදියර 03 ක් යටතේ නිසි විසදුම් ලබා දීමට පියවර ගෙන ඇති බවයි.

වියළි කාලගුණික තත්වයක් මත ජල විදුලි බලාගාර අවට ජලාශ වල ජල මට්ටම අඩු වීම හේතුවෙන් විදුලි අර්බුදයක් මතු වුණා.

ඊට විසදුම් ලෙස විදුලි කප්පාදුවක් ආරම්භ කලේ පසුගිය 25 වනදා සිටයි.දිවා කාලයේදී පැය 03ක් සහ රාත්‍රී කාලයේදී පැයක් වශයෙන් දිනකට පැය 04ක් විදුලිය කපා හැරීම සිදු වුණා.

විදුලි අර්බුදයට අදියර තුනක් යටතේ විසඳුම් ලබාදීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා කමිටුවක් ද පත් කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයාගේ සභාපතීත්වයෙන් යුත් කමිටුවට මුදල් විදුලිබල මහාමාර්ග ඛණිජ තෙල් හා වරාය භාර අමාත්‍යවරුන් ඇතුළත්.

අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා එක්සත් රාජධානිය, එක්සත් අරාබි එමිර් සහ හොංකොං යන රටවල සමාගම් තුනකින් මෙගාවොට් 100ක අතිරේක විදුලි ධාරිතාවක් මාස 6ක කාල සීමාවක් සඳහා මිලදී ගැනීමට නියමිතයි.

පල්ලෙකැලේ ගාල්ල මහියංගනය පොලොන්නරුව හම්බන්තොට සහ හොරණ ග්‍රීඩ් උප පොලවල් සඳහා මේ යටතේ විදුලිය මිලදී ගන්නා බවයි විදුලි බල අමාත්‍යාංහය සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post