News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
11

මාලිංග චන්දිමාල් ගැටෙන අවසන් තරඟය අද – සජීවී විකාශය මෙතනින්

821 Views


මාලිංග චන්දිමාල් ගැටෙන අවසන් තරඟය අද – සජීවී විකාශය මෙතනින්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ සුපිරි ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා.

කොළඹ හා ගාල්ල කණ්ඩායම අතරඑම තරන්නය පැවැත්වෙන්නේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි.

දිනේෂ් චන්දිමාල් කොළඹ කණ්ඩායමේ නායකත්වය දරණ අතරගාල්ල කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංගය විසින් දරණු ලබනවා.

කණ්ඩායම් දෙක මූලික වටයේදී මහනුවර සහ දඹුල්ල කණ්ඩායම් පරාජය පත්කලා. කොළඹ සහ ගාල්ල කණ්ඩායම් දෙකම සමබර තත්ත්වයක පසුවන හෙයින් තියුණු ගැටුමක් අපේක්ෂා කළ හැකි බවයි ක්‍රිකට් විචාරකයින් සඳහන් කළේ.

තරගාවලියේ 03 ස්ථානය හිමි වුනේ දඹුල්ල කණ්ඩායමටයි. 03 ස්ථානය වෙනුවෙන් ඊයේ පැවති තරගයේ දී මහනුවර කන්ඩායම පරදා ලකුණු 94 ක ජයක් වාර්තා කිරීමට ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම සමත් වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 05 ක් දැවී රැස් කල ලකුනු සංඛ්‍යාව 325 ක්.

ලකුනු 326 ක ඉලක්කකය හඹා ගිය දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් මහනුවර කන්ඩායමට පන්දුවාර 42 යි පන්දු 02 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වුයේ ලකුනු 231 ක් පමණයි.

එහි සජීවී විකාශය ඔබට පහතින් දැක ගත හැකියි.

https://youtu.be/uxDb1znNuAw


News Articles
Latest Videos
Most Popular Post