News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
17

ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලාංකීය සිසුන් දෙදෙනකු ජාත්‍යන්තරයට

697 Views


ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලාංකීය සිසුන් දෙදෙනකු ජාත්‍යන්තරයට

ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලාංකීය සිසුන් දෙදෙනකු ජපානයේදී නිර්මාණය කළ රාවණා වන් චන්ද්‍රිකාව අද ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත යැවීමට නියමිතයි.

ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ ඉංජිනේරුවරුන් වන තරිඳු දයාරත්න සිසුවා සහ දුලානි චාමිකා විතානගේ සිසුවිය මෙම චන්ද්‍රිකාව නිර්මාණය කර තිබෙනවා.

එය නිපදවා ඇත්තේ ජපානයේ ක්යූෂු තාක්ෂණික අධ්‍යයන ආයතනයේ සිටයි. කුඩා ප්‍රමාණයේ චන්ද්‍රිකාවක් වන මෙය ඝනක චන්ද්‍රිකාවක් ලෙස හඳුන්වනවා. ප්‍රමාණයෙන් ඝන සෙන්ටි මීටර් දහසක් පමණ වන මෙහි බර කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 01 ක්.

චන්ද්‍රිකාව අද අභ්‍යාවකාශ යානයක් හරහා ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ගෙන ගොස් එහිදි කක්ෂගත කිරීමට අපේක්ෂිතයි
පෘථීවියේ සිට කිලෝමීටර් 400 ක් පමණ දුරින් රාවණා 01 කක්ෂගත කිරීමට නියමිතව තිබෙනවා.

චන්ද්‍රිකාව කක්ෂගත කිරීමෙන් පසු දිනකට වට 15 ක් පෘථීවිය වටා භ්‍රමණය වන අතර එහි වේගය තත්ත්පරයට කිලෝමිටර් 7 යි දශම 6 ක්. රාවණා 01 චන්ද්‍රිකාව කක්ෂගත කිරීම හරහා ශ්‍රී ලංකාවේ සහ ආසන්න කලාපයේ ඡායාරූප ගැනීම සිදු කළ හැකි වනවා.

ඉදිරි චන්ද්‍රිකා වලදී භාවිතයට ගැනීමට නියමිත zලෝරා මොඩියුල්ස් නම් දත්ත බාගත කිරීම, චන්ද්‍රිකාව පාලනය කිරීම සඳහා යොදා ගැනීමට නියමිත මෘදුකාංගයක් අත්හදා බැලීම සහ චන්ද්‍රිකා සැලසුම් කිරීමේදී දැනට භාවිත වන දෘඩාංග ක්‍රමය වෙනුවට මෘදුකාංග ක්‍රමයක් අත්හදා බැලීමට ද නියමිතයි.
චන්ද්‍රි‍රකාවේ අවම ආයු කාලය අවුරුදු එක හමාරක් වන අතර අවුරුදු 5 ක් දක්වා ක්‍රියාකළ හැකි බවට අපේක්ෂා කෙරෙනවා.


News Articles
Latest Videos
Most Popular Post