News Line| Off Air
Generic placeholder image

Apr
17

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

1535 Views


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ ප්‍රදේශ රැසක ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කලේ ලබන 18 වනදා දක්වා තද වැසි ඇති විය හැකි බවයි.

සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, බස්නාහිර, වයඹ සහ උතුරු මැද පළාත් වලත් මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික් වලත් ප්‍රබල අකුණු ඇති වීමේ අවදානමක් පවතිනවා.ගිගුරුම් සහිත වැසි ඇතිවන විට සුළෙඟ් වේගය ද ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුළ කරුණානායක මහතා පැවසුවේ.

යාපනය කුප්පිලාන් ප්‍රදේශයේ දී අකුණු සැර වැදීමෙන් පුද්ගලයින් තුන් දෙනෙකු ඊයේ මිය ගියා. මෙලෙස මිය ගොස් ඇත්තේ එකම පවුලේ සහෝදර සහෝදරියන්.


News Articles
Latest Videos
Most Popular Post