News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
17

කොළඹ හැට්න් ප්‍රධාන මාර්ගය ජලයෙන් යට වෙයි

969 Views


කොළඹ හැට්න් ප්‍රධාන මාර්ගය ජලයෙන් යට වෙයි

කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට අද (17) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් පතිත වුණි.

බගවන්තලාව, නොර්වුඩ් , මස්කෙලිය සහ හැටන් යන ප්‍රදේශවලට අද පස්වරු 1 සිට පස්වරු  2.30 පමණ වන තෙක්  ඇද හැලුණු අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් මල්ලිඅප්පු ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ කොටසක් වැසි ජලයෙන් යට විම නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු විනාඩි 30 පමණ කාලයක් ඇණ හිට තිබුණි.

ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ සහ මවුස්සාකැලේ  ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ලබා බසිනා මස්කෙලිය ඔයේ ජල මට්ටමද තරමක් ඉහල ගොස් තිබුණි.


News Articles
Latest Videos
Most Popular Post