News Line| Off Air
Generic placeholder image

Apr
17

ගිනිගත් දේවස්ථානයේ නවතම තත්ත්වය මෙන්න

2205 Views


ගිනිගත් දේවස්ථානයේ නවතම තත්ත්වය මෙන්න

ප්‍රංශයේ පැරිස් අගනුවර පිහිටි මධ්‍යකාලීන යුගයට අයත් නොට්රඩාම් දේවස්ථානය යළි පිළිසකර කිරීම සදහා ලොව නන් දෙසින් ආධාර ලැබෙමින් පවතිනවා.

යුනෙස්කෝ සංවිධානය ද සදහන් කලේ මෙම කරතව්‍ය සදහා ප්‍රංශය සමග අත්වැල් බැද ගන්නා බවයි. ප්‍රතිසංස්කරණ කටයුතු සදහා යුරෝ මිලියන 300 බැගින් ලබා දීමට දානපතියන් දෙදෙනෙකු ද ඉදිරිපත් වී සිටිනවා.

කතෝලික ජනතාව සිය හදවත ලෙස සලකන නොට්රඩාම් දේවස්ථානයේ ගින්න ඇති වීමට හේතුව මෙතෙක් හෙළි වී නැහැ. දේවස්ථානයේ සිදු වන ප්‍රතිසංස්කරණ අතරතුර ගින්න හට ගන්නට ඇති බවට සැක පල කෙරෙනවා.

ගින්නෙන් ලෝක උරුමයක් වන නොට්රඩෑම් දේවස්ථානයේ වහල සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. කෙසේ වෙතත් ගින්නෙන් මෙම ගොඩනැගිල්ලේ , ගලින් නිර්මාණය කර තිබූ සැකිල්ල සහ කුළුණු දෙකක් ආරක්ෂා කර ගෙන තිබෙනවා.

වසර 850 ක් පැර‚ මෙම දේවස්ථාන ගොඩනැගිල්ල හට ගත් ගින්න පාලනය සදහා ගිනි නිවීමේ භටයන් ගණන 400 ක් යොදවා තිබු අතර එය සම්පූර්ණයෙන් පාලනය කලේ පැය 09 කට පසුවයි.

ලෝක නායකයන් මේ සම්බන්ධයෙන් ප්‍රංශ ජනතාවට සිය ශෝකය පළ කළ අතර ප්‍රංශ ජනාධිපති එම්මෑනුවෙල් මැක්‍රෝන් සඳහන් කළේ, මෙය ප්‍රංශ වැසියන්ගෙන් කොටසක් ගිනි ගෙන දැවෙනු බලාසිටීම හා සමාන බවයි. දේවස්ථානය යළි ගොඩනැගීමට ජාත්‍යන්තර වශයෙන් ආධාර එක්රැස් කිරීමේ ක්‍රමවේදයක් ස්ථාපනය කරන බවයි ප්‍රංශ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේ.

නොට්රඩාම් දේවස්ථානය ප්‍රංශයේ සහ යුරෝපීය සංස්කෘතියේ සංකේතයක් බව ජර්මානු චාන්සලර් ඇන්ගෙලා මර්කල් කියා සිටියා. වතිකානුව සදහන් කලේ මෙම දේවස්ථානය , ප්‍රංශයේ මෙන්ම සමස්ත ලෝකයේ ම ක්‍රිස්තියානි ආගමේ සංකේතයක් බවයි.

දෙව්මැදුර ගොඩ නැගීමේ ක්‍රියාවලියේ දී ශ්‍රී ලංකාව ද ප්‍රංශ ජනතාව සමග අත්වැල් බැද ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කලා.

ලෝක උරුමයක් වන නොට්රඩාම් ප්‍රධාන දේවස්ථානය ඉදිකෙරුණේ 12 වැනි ශත වර්ෂයේදීයි. ප්‍රංශ ගොතික් දේවස්ථාන ගෘහ නිර්මාණ ශිල්පය විදහා දැක්වෙන නිර්මාණයක් ලෙස සැලකෙන එම දේවස්ථානය, වාර්ෂිකව මිලියන ගණනක් සංචාරකයින් නැරඹීමට පැමිණෙන ස්ථානයක්.

ලෝ ප්‍රකට සාහිත්‍යධර වික්ටර් හියුගෝගේ නිර්මාණයක් හේතුවෙන් මෙම දේවස්ථානයට නොට්රඩාම් නම ලැබී තිබෙනවා. නොට්රඩාම් ලෙස අදහස් වන්නේ අවර් ලේඩි හෙවත් කන්‍යා මව් තුමිය යන්නයි. ජේසු තුමන් කුරුසිපත් වන අවස්ථාවේ පැළද සිටි කටු ඔටුන්න සුරැකිව තබා ඇත්තේ ද නොට්රඩම් දේවස්ථානයේයි.


News Articles
Latest Videos
Most Popular Post