News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
17

පංජාබ් කණ්ඩායමට තවත් ජයක්

1663 Views


පංජාබ් කණ්ඩායමට තවත් ජයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 32 වැනි තරගය රාජස්ථාන් රෝයල් සහ කිංගස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම් අතර ඊයේ චන්දිගාර් හීිදී පැවැත්වුණු තරගයෙන් පන්ජාබ් කණ්ඩායම ලකුණු 12 ක ජයඝ්‍රහණයක් වාර්තා කළා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් පන්ජාබ් කණ්ඩායම පන්දුු වාර 20 අවසානයේ කඩුල් 06 ක් දැවී රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 182 ක්. ලෝකේෂ් රාහුල් පන්දු 47 කදී ලකුණු 52 යි. ඩේවිඩ් මිලර් පන්දු 27 කදී ලකුණු 40 ක් ලබා ගත්තා.

ජයග්‍රහණය සඳහා ලකුණු 183 ක ඉලක්කයක් හඹාගිය රාජස්ථාන් කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී රැස්කර ගත්තේ ලකුණු 170 ක් පමණයි. රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් රාහුල් ත්‍රිපාති පන්දු 45 කදී ලකුණු 50 ක් රැස් කළා.


News Articles
Latest Videos
Most Popular Post