News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
17

බීලා වැඩ දාන අයට වැඩ වරදියි

1167 Views


බීලා වැඩ දාන අයට වැඩ වරදියි

බීමතින් කලහාකාරීව හැසිරෙන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කලේ පසුගිය දින වල දී එවැනි සිදුවීම් රැසක් වාර්තා වීම ඊට හේතුව බවයි.

මේ අතර පසුගිය 11 වනදා සිට සිදු කල මෙහෙයුම් වලදී බීමත් රියදුරන් 1 270 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලබා ගෙන ඇති රථ වාහන නඩු ගණන 34 980 ක්. මෙහෙයුම් සදහා රථවාහන පොලිස් නිලධාරීන් 8 000 ක් යොදවා තිබෙනවා.

ලබන 20 වනදා දක්වා මෙහෙයුම් ක්‍රියාත්මකයි. උත්සව සමයේ රිය ධාවනයේ දී වඩාත් සැළකිලිමත් වන ලෙස පොලීසිය රථ වාහන රියදුරන්ට දැනුම් දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post