News Line| Off Air
Generic placeholder image

Apr
17

මධූෂ්ගේ සහෝදරයෙක් සහ තව පිරිසක් ඩුබායි රාජ්‍යෙන් පිටුවහල් කෙරේ

693 Views


මධූෂ්ගේ සහෝදරයෙක් සහ තව පිරිසක් ඩුබායි රාජ්‍යෙන් පිටුවහල් කෙරේ

ඩුබායි අත්අඩංගුවේ පසුවූ තවත් පුද්ගලයින් 06 දෙනෙකු මෙරටට පිටුවහල් කර තිබෙනවා.

මොහොමඩ් රිසාන්, මොහොමඩ් බදුර්දීන් , මහවත්තගේ ගයාන් බුද්ධිම පෙරේරා, මොහොමොඩ් හිබිර්, මොහොමඩ් ජබීර් , සුරේෂ් වසන්ත, රණසිංහ , රූපදාස සයිමන් හේවගේ සහ නිිලාන් රොමේෂ් රණසිංහ නැමැති පුද්ගලයින් මෙලෙස දිවයිනට පැමිණ තිබුණා.

එම පුද්ගලයින් අපරාධ පරීක්ෂණ පොර්තමේන්තුවේ නිළධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා. දිවයිනට පිටුවහල් කළ පිරිස අතර මාකඳුරේ මධූෂ්ගේ ඥාතියෙකු ද සිටින බවයි පොලීසිය සඳහන් කළේ.

ඩුබායි අත්අඩංගුවේ පසුවූ පුද්ගලයින් 21 දෙනෙකු මේ වන විට ශ්‍රි ලංකාවට පිටුවහල් කර තිබෙනවා. ප්‍රබල පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් ඇතුලූ 31 දෙනෙකු කොකේන් තොගයක් සමග ඩුබායි හී පිහිටි ප්‍රධාන පෙලේ හෝටලයක පැවති සාදයක් අතරතුර එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේ පසුගිය පෙබරවාරි මස 5 වනදායි.


News Articles
Latest Videos
Most Popular Post