News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
18

අධිවේගයෙන් වාර්තාගත ආදායමක්

1750 Views


අධිවේගයෙන් වාර්තාගත ආදායමක්

උත්සව සමයේ ගත වූ දින 12 ක කාලය තුළ අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 320 ක ආදායමක් උපයා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේ, එය පසුගිය වසරට සාපේක්ෂව 8% ක වැඩිවීමක් බවයි.

එම කාලසීමාව තුළ වාහන ලක්ෂ 12 කට අධික ප්‍රමාණයක් අධිවේගී මාර්ගවල ගමන් කර තිබෙනවා. මේ වසරේ වැඩිම වාහන ප්‍රමාණයක් අධිවේගී මාර්ගවල ගමන් කර ඇත්තේ පසුගිය 11 වනදායි.

එම සංඛ්‍යාව 110,000 කට අධික ප්‍රමාණයක්. එදින උපයා ඇති ආදායම රුපියල් මිලියන 30 කට අධික වනවා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැඩිම වාහන සංඛ්‍යාවක් ගමන් කර ඇත්තේ පසුගිය 15 වැනි දායි. වාහන 45,000 කට අධික ප්‍රමාණයක් ගමන් කිරීමෙන් එදින ලබා ඇති ආදායම රුපියල් මිලියන 25 ක්.


News Articles
Latest Videos
Most Popular Post