ආසියානු මළල ක්‍රීඩා තරඟාවලිය හෙට දෝහා කටාර් වලදී ආරම්භ වනවා.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඒ සඳහා ක්‍රිඩක ක්‍රීඩිකාවන් 15 දෙනෙකු සහභාගී වීමට නියමිතයි.
කණ්ඩායමේ නායකත්වය දරන්නේ නිමාලි ලියනආරච්චි විසින්.
1973 වසරේ ආරම්භ වූ ආසියා මළල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 19 ක් රිදී පදක්කම් 14 ක් සය ලෝකඩ පදක්කම් 19 ක් දිනා ගෙන තිබෙනවා.