News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
20

රාවණා 1 අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට සම්බන්ධ වෙයි

1563 Views


රාවණා 1 අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට සම්බන්ධ වෙයි

‘ද රාවණා 1’ ඝනක චන්ද්‍රිකාව රැගත් සිග්නස් අභ්‍යාවකාශ යානය ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට සම්බන්ධ වී තිබෙනවා.

ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත රාවණා වන් ගමන් ආරම්භ කළේ. රාවණා – වන් චන්ද්‍රිකාව නිර්මාණය කිරීමට දායකත්වය ලබා දි ඇත්තේ ශ්‍රි ලංකික ඉංජිනේරුවන් දෙදෙනකු වන තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා යන දෙදෙනායි.

චන්ද්‍රිකාව ඝණ සෙන්ටිමීටර් දහසක ප්‍රමාණයකින් සහ කිලෝග්‍රැම් 1.05 බරින් යුක්තයි
ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යාමෙන් පසුව ලබන මැයි මස අවසානයේ හෝ ජුනි මස මුලදි මෙම චන්ද්‍රිකාව කක්ෂ ගත කිරීමට සැලසුම් කර තිබෙනවා.

චන්ද්‍රිකාව කක්ෂගත කිරීමෙන් අනතුරුව දිනකට වට 15කට ආසන්න කාලයක් පෘථීවිය වටා භ්‍රමණය වනඅතර එහි වේගය තත්පරයට කිලෝමිටර් 7.6ක්.

ශ්‍රි ලංකාවේ සහ ආසන්න කලාපයේ ජායාරූප ගැනිම ඇතුළු කරුණු 5ක් මෙම රාවණා වන් චන්ද්‍රිකාව මඟින් සිදුකර ගැනීමට සැළසුම් කර තිබෙනවා.

ඉදිරි චන්ද්‍රිකාවලදී භාවිතයට ගැනීමට නියමිත ‘ලෝරා මොඩියුල්’ නම් දත්ත බාගත කිරීම, චන්ද්‍රිකා පාලනය කිරීම සඳහා යොදා ගැනීමට නියමිත මෘදුකාංගයක් අත්හදා බැලීම සහ චන්ද්‍රිකා සැලසුම් කිරීමේදී දැනට භාවිත වන දෘඩාංග ක්‍රමය වෙනුවට මෘදුකාංග ක්‍රමයක් අත්හදා බැලීමට ද නියමිතයි.

චන්දි්‍රකාවේ අවම ආයු කාලය අවුරුදු එක හමාරක් වන අතර අවුරුදු 5ක් දක්වා ක්‍රියාකළ හැකි බවට අපේක්ෂා කෙරෙනවා.


News Articles
Latest Videos
Most Popular Post