News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
21

කටුනායක ගුවන් තොටුපලේ ආරක්ෂාව තර කෙරේ.

637 Views


කටුනායක ගුවන් තොටුපලේ ආරක්ෂාව තර කෙරේ.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයේ අද (21) පෙරවරු 10.00 සිට ආරක්ෂාව දැඩි කර තිබෙනවා

ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කළේ අද දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වූ පිපිරීම් සමගම මෙම පියවර ගත් බවයි.

ගුවන් තොටුපළ වෙත පිවිසෙන මගීන් හැර වෙනත් කිසිවෙකු ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි තුළට ඇතුළු කර නොගන්නා අතර, එසේ පැමිණෙන මගීන් සහ ඔවුන් රැගෙන එන ගමන් මලු ද දැඩි පරීක්ෂාවකට ලක් කරන බවද  ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ගුවන් තොටුපළ තුළ හා අවට ආරක්ෂාව සඳහා ද අතිරේක ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන්, පොලිස් නිලධාරීන්, ගුවන් හමුදා නිලධාරීන් හා යුධ හමුදා නිලධාරීන් ද යොදවා තිබෙන බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post