ඊයේ දිනයේදී ගම්පොල පොලිස් වසමේ ලෝරාවත්ත පන්විලතැන්න ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු කදුරුවෙල පදිංචි ආදම්බාවා මොහොමදු රිස්මී යන අයෙක් බවයි පොලීසිය පැවසුවේ.
එමෙන්ම ඊයේ රාත්‍රියේ සිදුකරන ලද මෙහෙයුම් කිහිපයකදී අලුත්ගම දර්ගා නගරයෙන් පුද්ගලයින් 06 දෙනෙකු, බේරුවල කංකාවන්ගොඩ ප්‍රදේශයේදී පුද්ගලයින් 05 දෙනෙකුද, කඩුවාපිටිය ප්‍රදේශයේදී පුද්ගලයින් 06 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වරකාපොල අගුරුවැල්ල පාර මස්ජිත් මාවතේ නිවසක් වටලමින් යතුරුපැදියක් මෙන්ම වෝකිටෝකි යන්ත්‍ර 04ක් සමගසැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පොලිසිය නිවේදනය කර ඇත්තේ.