News Line| Off Air
Generic placeholder image

Apr
24

පොලීසිය සෙවූ වෑන් රියක් සහ යතුරුපැදියක් සොයා ගනියි

4291 Views


පොලීසිය සෙවූ වෑන් රියක් සහ යතුරුපැදියක් සොයා ගනියි

සෝදිසියෙන් සිටින්නැයි පොලිස්පතිවරයා විසින් ඊයේ දැනුම් දුන් වාහන අතර සඳහන් වූ වෑන් රථය සහ සැක සහිත තවත් යතුරු පැදියක් වරකාපොල ප‍්‍රදේශයේ නිවසක තිබී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබෙනවා.අදාළ වෑන් රථයේ රියදුරු බවට විශ්වාස කරන තැනැත්තෙකුද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පැවසෙන්නේ.
දැනට කළ විමර්ශනවලින් හෙළිව ඇත්තේ මෙම වෑන් රථය කුළී පදනම මත ගමන් බිමන් සඳහා ලබාදෙන්නක් බවයි. හෙම්මාතගම ප‍්‍රදේශයේ මවුලවිවරයෙකු විසින් කරන ලද වෙන් කිරීමකට අනුව ඩුබායිහි සිට පැමිණි සංචාරකයන් පිරිසක් ඉකුත් සති දෙකක පමණ කාලයක් තිස්සේ මෙම වෑන් රථය භාවිත කර ඇතැයිද තොරතුරු ලැබී තිබෙනවා.ඔවුන් නුවර, නුවරඑළිය, පොතුවිල්, අරුගම්බේ, මීගමුව සහ හලාවත යන ප‍්‍රදේශවල මෙම වෑන් රථයෙන් සංචාරය කර ඇති බවයි වැඩිදුරටත් හෙළිව ඇත්තේ. අදාළ කාලය තුළ සංචාරයකයන් පිරිස හෝටල්වල නවාතැන් ගෙන ඇතැයිද ඔවුන් ඉකුත් 20 වැනිදා හෝ 21 වැනිදා ශී‍්‍ර ලංකාවෙන් පිටත්ව ගොස් ඇතැයිද සැක කෙරෙනවා.


News Articles
Latest Videos
Most Popular Post