News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
24

වසර 32ක යුද්ධය කාලයේ වුණත් එක දවසකින් එක එක වෙලාවකට ඔය වගේ විශාල ඛේදවාචකයක් සිදුවුණේ නෑ

1128 Views


වසර 32ක යුද්ධය කාලයේ වුණත් එක දවසකින් එක එක වෙලාවකට ඔය වගේ විශාල ඛේදවාචකයක් සිදුවුණේ නෑ

රටේ ආරක්ෂාව හා වර්තමාන තත්වය පිළිබදව මේ වන විට පාර්ලිමේන්තුවෙ සංවාද වෙමින් පවතිනවා. එහිදි ෆීල්ඩ් මාශල් සරත් ෆොන්සේකා මහතා පවසා සිටියේ රට යළිත් අවදානම් තත්වයකට පත්ව ඇති බවයි.
එහිදී “කථානායකතුමනි විනාඩි 15 ඇති හමුදාවේ සාජන්ට්වරයෙකුට මේ ගැන කතා කරන්න. අපේ රටේ සිදුවූ විශාලම ඛේදවාචකයකට දවස් කිහිපයකට කලින් අපි මුහුණ දුන්නා. වසර 32ක යුද්ධය කාලයේ වුණත් එක දවසකින් එක එක වෙලාවකට ඔය වගේ විශාල ඛේදවාචකයක් සිදුවුණේ නෑ. අද මම කතා කරන්නේ ආණ්ඩු පැත්තෙ ඉඳලා නෙමෙයි රටේ පැත්තෙ ඉඳලා. රට මේ වගේ තත්ත්වයකට මුහුණ දුන්නම අපිට වේදනාවක් තියෙනවා. මෙතනදි ආණ්ඩුව ආරක්ෂා කිරීම හෝ පුද්ගලයින් ආරක්ෂා කිරීම අදාළ නෑ. එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයට මේ තත්ත්වයට එන්න විශාල කාලයක් ගියා.. මේක භයානක තත්ත්වයක්.” යනුවෙන් සඳහන් කර තිබුනා.


News Articles
Latest Videos
Most Popular Post