News Line| Off Air
Generic placeholder image

Apr
25

කෝට්ටේ වෙසක් කලාපය අත්හිටුවයි

655 Views


කෝට්ටේ වෙසක් කලාපය අත්හිටුවයි

ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ නාග විහාරය, ජයවර්ධන පුර කෝට්ටේ මහනගර සභාව සහ ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ මහ ලේකම් කාර්යාලයත් එක්ව සංවිධානය කරන වෙසක් කලාපය අත්හිටුවන බව කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ විහාරාධිපති රාජකීය පන්ඩිත දර්ශනපති පුජ්‍ය වතුරුවිල සිරි සුජාත නාහිමියන් පවසා තිබෙනවා.උන්වහන්සේ සඳහන් කළ සිටියේ කෝට්ටේ මන්සංධියේ සිට ජුබිලි කණුව මන්සංධිය දක්වා පවත්නන වෙසක් කලාපයේ සියලුම වැඩ සටහන් අත්හිටුවා ඒ වෙනුවට දාන ශීල භාවනා, ධර්ම දේශනා සහ ධර්ම සකච්ඡා සිදුවන විශේෂ ආගමික වැඩ සටහන් පමණක් සිදු වන බවයි.

මේ අතර පාස්කු දින සිදු විපතින් මිය ගිය අයට පුඥානුමොදනාවක් සිදු වන වැඩ සටහනක් ක්‍රියාත්මක කරන බව කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ විහාරාධිපති රාජකීය පන්ඩිත දර්ශනපති පුජ්‍ය වතුරුවිල සිරි සුජාත නාහිමියන් වැඩිදුරටත් පවසා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post