News Line| Off Air
Generic placeholder image

Apr
25

මොවුන් ගැන දන්නවා නම් වහාම පොලීසිය දැනුවත් කරන්න

1638 Views


මොවුන් ගැන දන්නවා නම් වහාම පොලීසිය දැනුවත් කරන්න

දිවයිනේ ස්ථාන කිහිපයකට එල්ලවූ ප්‍රහාර සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටින හය දෙනෙකුගේ ඡායාරූප මේවන විට මාධ්‍යයට නිකුත් වී තිබේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයට අද නිකුත්කළ ඡායාරූප පෙළ පහතින් දැක්වෙයි.

ඔවුන්ගේ නම් වන්නේ මොහොමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල් හක්,ෆාතිමා ලතීෆා,මොහොමඩ් ඉවුහයිම් ශාහිඩ් අබ්දුල් හක්,පුලස්තිනී රාජේන්ද්‍රන් නොහොත් සාරා,අබ්දුල් කාදර් ෆාතිමා කාදිය සහ මොහොමඩ් කාසීම් මොහොමඩ් රිල්වාන් නැමති අයයි.

මොවුන් පිළිබඳ තොරතුරු දැනුම්දීම සඳහා පොලීසිය මහජනතාවට දුරකථන අංක 03ක් විවෘත කර තිබේ.එම දුරකථන අංක වන්නේ 071 859 1771, 0112 422 176 , 0112 395 605.


News Articles
Latest Videos
Most Popular Post