අද දහවල් මෝදර පොලිස් වසමේ මුතුවැල්ල මාර්ගයේ දී සිදුකළ වැටලීමකින් වෑන් රථයක් සහ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීම සිදුකර ඇති අතර එහිදී සඟවා තිබූ මෙරට නිෂ්පාදිත අඩු බලයක් සහිත අත්බෝම්බ 21ක් සහ කඩු 6ක් පොලීසිය විසින් සොයාගෙන ඇත.