News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
26

අණ නොතකා ගිය වාහනයක් කාන්තාවන් දෙදෙනෙකු සමග අත් අඩංගුවට

1621 Views


අණ නොතකා ගිය වාහනයක් කාන්තාවන් දෙදෙනෙකු සමග අත් අඩංගුවට

තංගල්ල නගරයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයක් සමඟ එහි ගමන් කළ සිවුදෙනෙකු අත් අඩංගුවට ගත් බව තංගල්ල මූලස්ථාන පොලීසිය පවසා සිටිනවා.

25වන දා සවස කතරගම දෙස සිට පැමිණි වෑන් රථය නැවැත්වීම සඳහා රථවාහන පොලිස් නිලධාරියෙකු අණ කර ඇත. මෙහිදී වෑන් රථයේ රියදුරු අණ නොතකා පලා ගොස් ඇති අතර පසුව වෑන් රථය ලුහුබැද ගිය පොලීසිය තංගල්ල නගර මධ්‍යයේදී එහි සිටි පිරිස සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
වෑන් රථයේ ගමන් කළ තිදෙනා සහ රියදුරු අක්කරපත්තුවේ සිට දර්ගා නගරය බලා යමින් සිට ඇත. අත් අඩංගුවට පත් වූවන් අතර කාන්තාවෝ දෙදෙනෙක් ද සිටිති.
අත්අඩංගුවට පත් සිවු දෙනා අද තංගල්ල මහේස්ත්‍රාත් වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


News Articles
Latest Videos
Most Popular Post