News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
27

සයින්දමරුදු ප්‍රදේශයේ පිපිරීම් සිදුවූ ස්ථානයේ තිබී මළ සිරුරු 15ක් හමුවෙයි

2340 Views


සයින්දමරුදු ප්‍රදේශයේ පිපිරීම් සිදුවූ ස්ථානයේ තිබී මළ සිරුරු 15ක් හමුවෙයි

ඊයේ රාත්‍රියේ පොලීසියට ලද තොරතුරක් මත කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ සැක කටයුතු නිවෙසක් පරීක්ෂා කිරීමට පොලීසිය ක්‍රියාත්මක වූ බවත් එහිදී පිපිරීම් කිහිපයක් සහ ආරක්ෂක අංශ වෙත වෙඩි තැබීමක්ද වාර්තා වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ. ඔහු වැඩි දුරටත් පවසා සිටියේ අද උදෑසන පිපිරීම් සිදු වූ නිවෙස පරීක්ෂා කිරීමේදී පිරිමි පුද්ගලයින්ගේ මළ සිරුරු 3ක් කාන්තා මළ සිරුරු 3ක් සහ කුඩා දරුවන්ගේ මළ සිරුරු 6ක් එම නිවෙස තුළින් හමුවී ඇති බවයි. එමෙන්ම නිවෙසින් බැහැරව තවත් සිරුරු 3ක් සොයාගත් බව මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා. එමෙන්ම බරපතල තුවාල ලබා සිටි කුඩා දරුවෙකු සහ කන්තාවක් රෝහල්ගත කල බවත් පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා වැඩි දුරටත් කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post