රට තුළ උද්ගතව ඇති තත්වය සළකමින් පාකිස්තාන වයස ඈඋරුදු 19 පහළ යොවුන් ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය දින නියමයකින් තොරව කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
මෙම තරඟ සංචාරයේ දී ටෙස්ට් තරඟ දෙකක් හා එක් දින තරඟ තුනක් පැවැත්වීමට නියමිතව තිබුනා. තරඟාවලිය ආරම්භවීමට තිබුනේ ලබන මස 3වන දායි.
ඊට සහභාගී වන පාකිස්තාන කණ්ඩායම අනිද්දා මෙරටට පැමිනීමට නියමිතව තිබුනා.
මේ අතර ශ්‍රී ලංකාව සත්කාරය දරන මීළ්ඟ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලිය ලබන ජූනි මාසයේදී නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිතයි.
කෙසේ නමුත් නවසීලන්ත ක්‍රිකට් බලදාරින් එම සංචාරය පිළිබඳව නැවත සලකා බැලීමට තීරණය කර තිබෙනවා.